පෙරවදන

2.8K 405 25
                                    


" හීන....හීන තියෙන්නේ දකින්න කුකී ..ඔයාට තේරුනාද? "

                 එයා එහෙමයි මට ඉගැන්නුවෙ....තව කෙනෙක් වෙනුවෙන් ඔයාගේ හීනය අතෑරලා දාන්න පුලුවන් ද?  ජීවිතේ විඳින්න ගත්තු මොහොතෙම ඔයාගේ හීන වලට පාර කියපු කෙනා ඔයාව දාලා ගියොතින් මොනවා හිතෙයිද?? සමහර වෙලාවට අහම්බෙන් හම්බවෙන අය අපිට නැති උන හීනත් අරගෙනම එනවා...

" එතකොට බොක්සින් ..."

                ඒක මගේ ජීවිතේ  ....ඒත් බලන් ගියාම ජීවිතෙත් හරියට බොක්සින් ක්‍රීඩාවක් වගේ..මොකද අපි පරාජය වෙන්නෙ ඇද වැටුණම නෙමෙයි, නැඟිටින එක ප්‍රතික්ෂේප කරාට පස්සෙයි... ඒ නිසා වැටෙනවට වඩා දෙගුණයක් වේගයකින් ආයෙ නැඟිටින්න උත්සාහ ගන්න එකයි කරන්න ඕනේ... ඒ ගමනෙදි වෙන වැරදීම් කියන්නෙම ජීවිතේට තවත් අත්දැකීමක් විතරමයි... ජීවිතේම නෙමෙයි..!!! ඒ දේවල් මට ඉගැන්නුවේ බොක්සින්...

🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀🍀

               ඉතින් මං JK ... මීට අවුරුදු පහකට කලින් හිටපු බොක්සින් චැම්පියන් කෙනෙක් .... ඒත් දැන් මං තාත්තෙක්ගේ වගකීම ඉශ්ට කරන්න මහන්සි වෙන කෙනෙක්... සමහර කරදර සුළි කුණාටු වගේ... ගහගෙන යද්දි මුලු ජීවිතේම අරගෙන ගිහින් නවතින්නේ හරියට මගේ වගේ... ඉතින් මේ බැඳීම් වලින් හති වැටුන මගේ කතාව...

" ජීවිතය බොක්සින් වළල්ලක් ඇතුලේ ගෙවෙන සටනක් වගෙ.. අපි හැමෝම ඒ වළල්ල ඇතුලේ ජීවිතය වෙනුවෙන් සටන් කරන, අරගල කරන boxersලා "

____________________________________________

ආයෙම කුකීගේ එකක් ඉල්ලුව අයට තමයි මේක.. කාලෙකට ලියන්නේ නෑ කියලා ආයෙම ලියන්නේ ඇයි කියලා බලනවා ඇති... වැඩ එක්කම හිටපුනිසා ඔලුව නිකන් විකාරයි වගේ.. කලින් ඒවලත් ඔයාලා දාන කමෙන්ට් එහෙන බලලා මම නොසෑහෙන්න හිනා උනා😂.. ආයෙම පොඩ්ඩක් ඔලුව නිදහස් කරගන්න කියලා දාන්නෙ මේක😁..

සරන්හේ ❤️❤️ 
#නිම් 💜️

THE BOXER || JJK ✔️Where stories live. Discover now