13 කොටස

926 286 36
                                    

" වැඩේ හරි.... මට හම්බුනා....!! "

ටේගේ කෑ ගැහිල්ලට ජන්ග්කුක් වගේම අනික් හැමෝම දුවගෙන ගියේ ලිවින් ඒරියා එකට... යද්දි ටේ පෙඟුන කොල කෑල්ලක් අතේ තියාගෙන හිනා වෙවී හිටියේ... ඒ මදිවට ඩොකියුමන්‍ට්ස් තිබුන මේසේ පුරහම ග්‍රේප් ජූස් හලලා තිබුනා...

" ආයිශ් ... බලනවකො.. අපි එකතු වෙලා හොයා ගත්තුවා සේරම තෙමලා හොයාගත්තු එක හොඳ දෙයක් උනොත් හොඳයි.... නැත්තං මම බොගෙ ඔලුව කුඩු කරනවා.."

යුන්ගි එයාගේ ගන් එකත් අරගෙන ඒක කරකවන ගමන් කියද්දි ටේට තඩි කෙල ගුලියක් ගිලුනෙ ඉබේටමයි... හැමෝම ටේ ලඟට වට වෙද්දි සුයා , ඉරේ දෙන්නා මින්ජේ ලඟ නැවතුනත් කට්ටියගේ කතාබහ ගැන අවදානෙන් ඉඳියේ....

" යාහ් ටේ... කියනවකො වදේ... මොකද උනේ...?? "

ජිමින් කෑගහන්න ගත්තේ සුයා එක්ක කතා කර කර ඉද්දිම ටේ කෑගහපු නිසයි..

" මේ ... මේ චිට් එක දැක්කද... එදා අර කෙල්ලගෙන් ගත්තේ... ඒකට ග්‍රේප් ජූස් හැලුනා මගේ අතෙන්... බලන්න්කෝ ඒකේ ලියලා තියෙන් එක.."

ටේ ග්‍රේප් ජූස් වලින් පෙඟුන චිට් එක පෙන්නද්දි ඒකේ ලියවිලා තිබුනේ කලින් දවසේ රෑ මැරුණ අයගේ ගෙදර එඩ්‍රස් එක.... එතකොටයි හැමෝටම තේරුනේ ip address එකක් පස්සේ මෙච්චර කල් දුවලා තියෙන්නේ වැරදියට තේරුම් ගත්ත නිසා බව..

" ශිට්... අර බ@$* අපිව නොමඟ යැව්වා... ඕකගේ ඔලු කට්ට කුඩු වෙන්න තියනවා මගෙ ඉස්සරහට නම් අවොත්.."

යුන්ගි අත් දෙකෙන්ම ඔලුව අල්ලන් ලග තිබුන සෝෆා එකකට බර වෙලා කියද්දි ජන්ග්කුක් ඇස් කොනෙන් බැලුවේ කේන්තිය නිසා මිට මෙලවෙන ජින්ගේ අත් දිහා... සැකේ එන්න එන්න උඩු දුවද්දි ජන්ග්කුක් ජින් දිහා බැලුවේ අසරණව..

" මට පොඩි වෙලාවක් දෙන්න කෝල් එකක් ගන්න ඕනි... "

" ආ කුකියා මගේ රූම් එකට යන්න.."

" දේ..."

ජන්ග්කුක් හදිසියෙන් මතක් උන දෙයක් නිසා ටේගේ කාමරේට දුවද්දි අනික් අය ටේ හැඩි කරලා දාපු මේසේ අස් කරා... මේ අතරේ ඉරේ මින්ජේව සුයාගේ අතට දීලා ජන්ග්කුක් පස්සෙ ගියේ ඇති උන සැකේකට... මොකද ජන්ග්කුක් ඉරේගේ රූම් එකට ගිහින් තමයි ආයෙම ටේගේ රූම් එකට ගියේ..

THE BOXER || JJK ✔️Opowieści tętniące życiem. Odkryj je teraz