9 කොටස

965 290 54
                                    

" ඉරේ... මොකද උනේ කියන්න... ක්..කොහෙද මින්ජේ..."

" එයාට බෙහෙත් දාන ගමන්...."

ඉරේ අඬන ගමන් කියද්දි මගේ බය වගේම කේන්තිය වැඩි උනේ ආපු කෝල් එක නිසා...

" අඬන්නෙ නැතුව කියනවා කොහෙද මින්ජේ..."

මම අහද්දි ඉරේ අත දික් කරලා පෙන්නුවා... මින් ජේ ලඟට මම දුවගෙන යද්දි කොල්ලව වට කරගෙන ඩොක්ටර් කෙනෙකුයි තව නර්ස්ලා දෙන්නෙකුයි... ලඟ තිබුන ට්‍රොලි එකේ බැන්ඩේජ් වලයි පුලුන් වලයි ලේ තැවරිලා තිබුන ලේ මින්ජේගේ බව තේරෙද්දි මට දැනුනේ මගෙ කකුල් දෙකම පණ නැති වෙනවා වගෙ.. මම එහෙම්ම බිම වාඩි වෙලා අත් දෙකෙන්ම කොන්ඩේ අතර ඇඟිලි යවන ගමන් අඬන්න ගත්තේ අසරණකමට...

" කුකී.... කාම් ඩවුන්!! මින්ජේ හොඳින්... අඬන්නෙපා..."

ඒ එක්කම ආව යුන්ගි හ්‍යුන්ග් මගේ පිටට තට්ටුවක් දාලා කිව්වා... මට ඇහුනේ ඒ ටික විතරයි ඒ එක්කම වටේම බොඳ වෙලා යනවා වගේ දැනුනේ හීනියට ආපු ඔලුව කැක්කුමක් එක්කමයි..
.
.
.
.
.

< විනාඩි කීපයකට පසු >

" ජ්...ජන්ග්කුක් .... ඔයා හ්...හොඳින්ද? "

මම ලාවට වගේ ඇස් අරිද්දි මම දැක්කේ ඉරේ මගේ මූණට එබිලා ඉන්න හැටි... මොහොතකට ඒ ඇස් ලඟ අමුතු සැනසීමක් මට දැනුනේ ඇයි කියලා කියන්න මංවත් දන්නෙ නෑ... ඒ එක්කම මම ගැස්සිලා නැගිට්ටේ මම ඉන්නේ ඉරේගේ උකුල උඩ කියලා තේරුන නිසයි... මාව සිහි නැති උන වෙලේ යුන්ගි හ්‍යුන්ග් ඉරේ ලඟින් මාව දාලා යන්න ඇති කියලා එවෙලේ මට හිතුනා...

" හ්..හීරෝ... කොහෙද එයා? "

" එයාට දැන් ප්‍රශ්නයක් නෑ කිව්වා යුන්ගිශී... මින්ජේට තාම සිහිය නැ... දුන්න බෙහෙත් සැර ඇති...ඔයා නැගිටිනකන් යුන්ගිශි එතන ඉන්නම් කිව්වා..."

ඒත් එක්කම මින්ජේව මතක් වෙද්දි මම ඉරේගෙන් ඇහුවා... ඉරේ එක්කම මම දුවන් ගියේ මින්ජේ ලඟට.... මං යද්දි පැත්තකින් බ්ලඩ් පැක් එකක් දීලා තිබුනා මින්ජේට... වෙනදට දුව දුව දඟලන කොල්ලා ඇඳක් උඩ ඔලුවත් බැන්ඩේජ් කරලා ඉද්දි මට හීල්ලුනේ ඉබේටමයි... නර්සරි ගිය ඇඳුමවත් ගලවලා නෑ කොල්ලා...

THE BOXER || JJK ✔️Tempat cerita menjadi hidup. Temukan sekarang