17 කොටස ( අවසාන කොටස )

1.7K 386 196
                                    

" උබ හිතුවද අපිව රවට්ටන්න... මීනීමරුවා.."

මාක් ඇදන් වැටෙද්දි මාක් ලඟට ගිය ජන්ග්කුක් කිව්වේ මාක්ගේ මූණ පාගන ගමන්... ඒ එක්කම ජින් ජයග්‍රාහි හිනාවක් අරගෙන ලඟ තිබුන පුටුවකින් වාඩි වෙද්දි යුන්ගි බලන් හිටියේ මුකුත් හිතාගන්න බැරුව...

" මෝ???? මිනීමරුවා?? "

යුන්ගි ජන්ග්කුක් දිහාවට කෑගහගෙන එද්දි ජින් අතෙන් නවතින්න කියලා සන් කරලා ජින්ගේ සාක්කුවේ තිබුන මාක්ගේ id එක බිමට විසි කලා...

" ඔහේ...! අසරණ මිනිස්සු නිරපරාදේ මරලා දැම්මා... උබව මං අද පණ පිටින් මරනවා..."

ජන්ග්කුක් තමන්ගේ කකුල තවත් තද කරද්දි මාක්ගේ කටෙන් ලේ ආවත් මාක් දිගටම කලේ වියරුවෙන් වගේ හිනා උන එක විතරයි... ඒ එක්කම මාක්ගේ ලඟට ආව ජින් ජන්ග්කුක්ව එහාට කරලා මාක්ව නැගිට්ටෙව්වා .. තාමත් නොනවත්වාම හිනා වෙන මාක්ව දැකලා ජන්ග්කුක් කේන්තියෙන් අත මිට මොලවගද්දි ජින් ජන්ග්කුක්ව නැවැත්තුවේ මාක්ට ජන්ග්කුක්ගේ පාරවල් දරාගෙන ඉන්න බෑ කියලා දන්න නිසයි

" මාක් තමුසේ මට මේක කියනවා... ඇයි ඒ අහිංසක මිනිස්සුන්ව මරලා දැම්මේ?? "

" අහිංසක?? හහ්... උන් අහිංසකද? තමුසේ දන්නවද ඔය වගේ කාලකණ්ණි කීයක් නම් සෝශල් මීඩියාවලින් අනිත් මිනිස්සුන්ගේ ජීවිත විනාස කරනවද කියලා... ඒ වගේ උන් මං අයින් කරලා දාපු එක විතරයි කලේ .. ඔය වගේ කාලකණ්ණි නැති ලෝකේ මීට වඩා හොඳ වෙන්න තිබ්බා..."

මාක් කට කොනට ගත්තු හිනාවක් එක්ක කියද්දි ජින් මාක්ගේ කොලර් වලින් අල්ලගත්තේ කේන්තියෙන් රතු උන ඇස් වලින් කඳුලු කැට එක දෙක ගලාගෙන එද්දියි..

" එහෙනම් මොන එහෙකටද යකො උබ අර අහිංසකයෝ තුන්දෙනාව මරලා දැම්මේ...?? ශිට්.... "

ජින් කිව්වේ මාක්ට පාරක් ගහන ගමන්... කිසිම පසුතැවීමක් නොතිබුන මාක්ගේ මූණේ තිබුනේ හිනාවක් විතරමයි..

" දේ.... උන් තුන්දෙනාම අහිංසකයි... ඒත්....... ජොන්ග්... ජොන්ග් අනවශ්‍ය දේකට මැදිහත් උනේ... මගේ අතෙන් උන පොඩි වැරැද්දකින් මිනිහා මාව අල්ලගත්තා.... මං බොඩී එකක් දාලා දුවද්දි මගේ NIS id එක වැටුනා.. මිනිහා කොහොමත් මගේ පස්සේ වැටිලා හිටියේ.. ඒත් ප්‍රමාණවත් සාක්ෂි තිබුනේ නෑ ජොන්ග්ට... මිනිහා අනික් අයටත් කියන්න කලින් මං මරලා දැම්මා... එදා ජොන්ග් තනියෙම නෙමෙයි තව කෙල්ලො දෙන්නෙක් එක්ක ඉඳියේ... මං ඒ දෙන්නවත් මරලා දැම්මා... ඒක මාර ෆන් වැඩේ... හහ්... ඒ කෙල්ලො දෙන්නා වැඳ වැටෙන ගමන් මගෙන් ජීවිතේ ඉල්ලුවේ.."

THE BOXER || JJK ✔️Where stories live. Discover now