5 වන කොටස

1K 305 22
                                    

ඒ එක්කම ඇහුනේ කෙල්ලෙක් මහ සද්දෙන් බෙරිහන් දෙන හැටි... ඒත් කෙල්ලෙක් කොහෙන්ද අපේ ගෙදරට ... සද්දේ මගේ කාමරේ පැත්තෙන් ඇහෙද්දි මම මින්ජේ එක්ක ඒ පැත්තට ගියා... ලේ බින්දු මගේ කාමරේ දොරකඩින් නැවතිලා තිබුනේ..

" හීරෝ.... ශ්ශ්... එහාට වෙන්න හොඳේ..."

මම කියද්දි හීරෝ ඔලුව වැනුවා... අඩවන් කරලා තිබුන දොර හෙමීට කකුලෙන් අරින ගමන් මම අත්දෙකෙන්ම හයියෙන් යකඩ පොල්ල අල්ල ගත්තේ මොකා උනත් ඌව ඉවරයක් කරනවා කියලා හිතාගෙන...

ඒත් දැකපු දෙයින් මම බය නොවුනා කිව්වොත් ඒක බොරුවක්.... ඕවර් සයිස් ටී ශර්ට් එකකුත් ඇදගෙන දනහිස ලඟට වෙනකන් තිබුන ශෝටකුත් ඇදලා කවුදෝ කෙල්ලෙක් උඩ පැන පැන නටනවා... ඇක්ශන් කෝටියයි...

" යාහ් ඔහේ කවුද?? "

මම යකඩ පොල්ල ඒ දිහාවට දික් කරන ගමන් කියද්දි ඒ කෙල්ල අනික් මගේ දිහාවට හැරුනා...

" ඔම්මා!"

මටයි ඒ කෙල්ලටයි දෙන්නටම කියවුනා... එහෙම්ම මම පපුව අල්ලගෙන පිටිපස්සට ගියේ ඒ මූණ දැක්කම බය උන නිසයි... මොනාදෝ කලුපාට ජාතියක් ගාගෙන හිටපු කෙල්ල හිටියේ මේ දැන් වලෙන් නැගිටලා ආපු මිනියක් වගේ... කොහොමහරි මාව දැකලා බය උන කෙල්ල ඇඳයි බිත්තියයි අතර තිබුන හිඬස මැද්දට වැටුනේ කෑගහන ගමන්...

" ආහ් ඔහේ මෝඩ යකා... පිස්සා....!!! "

පුරුදු කටහඬක්??? ආහ්.... මේ අර පිස්සු රිපෝටර් නම් වෙන්නෙපා...

මම මටම කියාගන්න ගමන් ලඟට ගියේ තාමත් බිම වැටිලා බෙරිහන් දෙන කෙල්ල ලඟට... අමාරුවෙන් බිත්තියට අත තියාගෙන නැගිට්ට කෙල්ල ඇඳ උඩින් පැනලා ඇවිත් මගේ දිහාවට ඇඟිල්ල දික් කලේ මොනවාහරි කියන්න හිතාගෙන... ඒත් කෙල්ලට කලින් ඉස්සර උන මම එයාව ඇදගෙන කාමරෙන් එලියට ගියේ ඔම්මටයි අප්පටයි මොකද උනේ කියලා දැනගන්න..

" යාහ් මාව අතාරිනවා... ජේකේ... ඔහෙට මොකද්ද වෙලා තියෙන්නේ...?? "

" කට වහපන්..! "

කෙල්ල කෑගහද්දි මම ටිකක් සැරෙන් කිව්වම එයා කට වහගත්තා..

" හීරෝ... කාටුන් යනවා නේ... මගෙ පණ ගිහින් බලන්නකෝ... මම මේ ආන්ටි එක්ක කතා කරලා එන්නම්.."

THE BOXER || JJK ✔️Where stories live. Discover now