1 කොටස

1.8K 389 63
                                    

" ජන්ග්කුක් ආ අද සැලරි එක..."

" කුමාවෝ සර්..!! "

මම වැඩ කරපු ශොප් එකේ අයිතිකාරයා මගේ අතේ ලියුම් කවරයක් තියද්දි මම කිව්වා... ඒත් කවරේ ඇරලා බැලුවම ලැබිලා තිබුන ගාන දැක්කම මට හීල්ලුනේ මේ පොඩි ගාන උදේ ඉදන් හිටගෙන ඉඳියටවත් වටින්නේ නැති නිසයි

" සර්..!! මෙ ගාන සාධාරණ නෑ කියලා ඔයාටම තේරෙනවා නේද? මම උදේ ඉදන් හිටගෙන මේ ලීෆ්ලට්ස් බෙදුවේ... මේ වෙනකන් ඉදගත්තේ නෑනෙ සර්... මම ලන්ච් එකටවත් ගියේ නෑ.."

" හහ් තමුන් කියන්නේ මේ කොල කෑලි බෙදුවට මේ ටික මදි කියලද? මේ ගාන හොඳටම වැඩී ... "

" ඒත් සර් මේකේ minimum wage එකවත් නෑනේ සර්.. "

" ඉතින්?? තමුසෙට ඕකත් එපා නම් කියනවා..."

අයිශ් මූට මට මෙතනම වැටෙන්න අනින්න හිතෙනවා... දුන්නු ගාන හැරෙන්නත් මදි... තව මගුලක් කියනවා... ඇත්තමයි මගෙ අසරණකම ඇරෙන්න මේකගේ දතක් දෙකක් බඩට යවලා... තවත් මුකුත් කියලා තේරුමක් නැති නිසාම මම ඇඳන් හිටපු ටෙඩීගේ ඇඳුමත් ගලවලා දාලා ඒ මනුස්සයගෙ අතටම දීලා යන්න ගියේ ඉවසගන්න බැරි කේන්තිය නිසයි... උදේ ඉදන් ඒ ඇඳුම අස්සේ ඉඳලම තැම්බිලා වගේ හිටියේ මේ රස්නෙට...

" ශිට් ආයේ නම් මෙතනට එන්නෙ නෑ... මගුල..."

මගෙ හිත තිබුනෙම ගිහින් එකක් ඇනලා එන්නමයි.... ඒත් මේ කරදර අස්සේ පොලීසි ගානේ රින්ගන්න ගියොත් ඒකත් ඊට වඩා කරදරයක් වෙන නිසාම මම කරබාගෙන ගියේ කොෆී ශොප් එක දිහාවට ... යන අතරමගින්ම කාලා කොෆි ශොප් එකට ගිය මම චේන්ජ් කරගෙන කැශියර් එකට ගියා ...

" අහ් කුකියා... ඔන්න අදත් හයිස්කූල් කෙල්ලො ටික ඇවිල්ලා... මම හිතන්නේ දවසෙම කැශියර් එකේ ඉන්න වෙයි... ටිකක් ගණන් වැඩි ටිකක් දෙන්න බලනවා.."

" මේකත් වෙලාවකට මල ඇණයක් බන්.. බොරුවට හිනා වෙලාම කට රිදෙනවා.."

ටේ අහද්දි මම උත්තර දුන්නා... ම්ම් ඔව්ව් කොෆි ශොප් එක මගේ හොඳම යාලුවෙක් උන ටේහ්‍යොන්ගෙ... හැමදාම වගේ 2 - 6 මම මෙතන පාට් ටයිම් ජොබ් එකක් කරනවා... ඒ වෙලාවේ ඉන්න හේතුව තමයි මේ පොඩි පොඩි කෙල්ලො ටික.. ඇත්තටම කට්ටිය හුඟක් වෙලාවට එන්නේ මාව බලන්න.. ඉතින් අපේ ටේත් ගල් ආඳානේ.. මිනිහා ඒ වෙලාවට තියෙන ගණන් වැඩිම ටික මං ලවා ඒ කෙල්ලො ටිකට විකුණනවා..

THE BOXER || JJK ✔️Where stories live. Discover now