8 කොටස

983 288 27
                                    


" හරියටම පහට... අරස්සෝ??? "

ඉරේ අහද්දි මං ඒකට උත්තර නොදී තවත් ප්‍රශ්නයක් අහලා හිනා වෙලා කාමරේට දිහාවට ගියේ ලොකු බලාපොරොත්තු ගොන්නක් හිතේ තියාගෙනයි..

" දේ .... මං හෙට ලීව්.........."

මං ඇතුලට යද්දි ඉරේ කෑගහලා කිව්වා...
.
.

~ පසුදින ~

4.30ට එලාම් එක තියලා මම රෙඩී වෙලා මින්ජේව ඔම්මලාගේ රූම් එකෙන් තිබ්බේ මං ලඟ නැති නිසා කොල්ලා කලබල වෙයි කියලා හිතලයි... පහට තවත් විනාඩි දහයක් වගේ තිබුනත් ඉරේගෙන් සද්දයක් නැති නිසා මම කාමරේ ලඟට ගියා...

" ඉරේ...!! ඉරේ..! නිදිද??? යාහ්... නිදිකුම්බී.... නැගිටිනවද මම මේ දොර කඩන්නද? "

" ම්ම්ම්ම්..... නිදාගන්න දෙනවකෝ....! "

මම කෑගහද්දි නිදිමරගාතෙම ආපු ඉරේ කාමරේ දොර ඇරියේ ඈනුම් යවන ගමන්... ඉරේට බනින්න ගියත් ඉරේගේ මූණ දැක්කම මට හිනා නොවී බැරි උනා.. කොන්ඩ දෙකකුත් දාගෙන ඕවර් සයිස් ටී එකකුත් ඇඳලා හිටපු ඉරේ දොරේ පැත්තක් බදාගෙන නිදි...

" යාහ්..!! "

" දේ!! දේ..!. ෆයිව් මිනිට්ස්..."

මම බොරු තරහක් පෙන්නලා කියද්දි ඉරේ වැනි වැනී බාත්රූම් එකට රින්ගලා දොර වහගත්තා.. විනාඩි පහලවක් විතර යද්දි ඉරේ ලෑස්ති වෙලා එලියට ආවා...

" ම්ම් යන්... මේ ලඟ තියෙන්නේ මම ඉස්සර ප්‍රැක්ටිස් උන තැන.."

" වාහ්.. යේහ් ජේකේ ඊස් බැක්... වාහ් මට හොඳ ආටිකල් එකක් ලියන්න පුලුවන් වෙයි..."

" යාහ්... ඔහේව මම ඉතුරු කරන්නෙ නෑ එහෙම උනොත්.."

" ආහ් අරස්සෝ... අනික මම දන්නවා ඇයි ඔයා....... අනි අනී.. තව දුරද? "

ඉරේ කියන්න ගිහින් මොකද්දෝ ආයෙම ගිලගත්තේ කියන්න ඕනි නැති දෙයක් කියවුනා වගේ... ඒක ඒ හැටි ගානකට නොගෙන මම ඉරේව එක්කන් ගියේ මම ප්‍රැක්ටිස් උන තැනට..

" වාව්... මෙතන මාරයි නේ.. කවුද මේකේ ඕනර්..? "

" මං අඳුරන සොම්බේ (සීනියර්) කෙනෙක්ගේ.. පන්ඩිත කතා නැතිව එනවකො.."

ඉරේව බොක්සින් රින්ග් එක ඇතුලට එක්කන් ගිහින් එයාටත් වාඩි වෙන්න කියලා මාත් පැත්තකින් වාඩි උනේ රින්ග් එක ඇතුලට යන්න ඉස්සර වෙලා ඒකට ගරු කරන ගමන්..

THE BOXER || JJK ✔️Where stories live. Discover now