4 කොටස

1.2K 322 70
                                    

" හීරෝ.......! "

" ඔම්මාහ්... යාහ් ටේ... එකදවසක් වත් කෑනොගහා එන්න බැරිද..? "

මම ඇහුවෙ බය උන පාර තව ටිකෙන් මම බිමටම පතබෑවෙන්න ගිය නිසයි...

" පෝපෝ අන්කල්........."

ඒ එක්කම මින්ජේ බැහැලා ගිහින් එල්ලුනේ ටේගේ ඇඟේ... මින් ජේ අපේ පෝපෝව ගෙනත් දුන්නු නිසා ටේට කියන්නේ පෝපෝ අන්කල් කියලා.. මේ යකා එන්නෙම මේ වගේ හොරෙන්... මුගේ පිටසක්වල පිස්සුව තාම ගිහින් නෑ .. ඒ වගේම තමා වැඩ..

" නෙදකිම් තුච්ච ප්‍රාණී පිටසක්වලයා..."

" අහෝ මා ආදරනීය මිතුර... ආදරේටනේ බන් කුකීයෝ... "

" ආදරේ දෙපිටින් යනවා තව ටිකෙන් මේ පොඩි එකා වැටුනා නම් එහෙම..."

මම කිව්වේ නැගිටින ගමන්... ටේ නම් දත් තිස්දෙකම දාගෙන හිනාව මින්ජෙ එක්ක...

" අහ්... ජින් හ්‍යුන්ග් ... "

මං ඔලුවත් කස කස හිනා වෙවීම කිව්වේ ජින් හ්‍යුන්ග්ව මම බලාපොරොත්තු නොවුන නිසා... එයාම හොයාගෙන එනවා කියන්නේ ඉතින් කන් දෙකේ ඇබ තමා..

" ජින් හ්‍යුන්ග්? හ්‍යුන්ග් තමා... එන්න බෑනේ පොඩ්ඩක් ඒ පැත්තේ... මම ම එන්න ඕනි..."

" හ්‍යුන්ග් මේ මේ.... "

අද නම් ඉවරම තමා... හ්‍යුන්ග් මට දැන් මාස ගානක ඉදන් මේ එන්න කියන්නෙ කම්පැනි එකෙ වැඩට... මම එහෙට මෙහෙට කට්ටි පැන පැන ඉදලා බොරු කිය කිය ශේප් උනාට අද නම් ඉන්න හම්බවෙන එකක් නෑ...

" ආ නම්ජූන් හ්‍යුන්ග් එහෙමත් ඉන්නවා..."

ඒ එක්කම ආපු ජූන් හ්‍යුන්ග් කිව්වා.. හරි කිම් පවුලම මෙහේ කියන්නේ සමථ මණ්ඩලේ කැඳවන්න වගේ යන්නේ... මොන විනාසයක් කරලද දන්නේ නෑ මේ පිටසක්වලයා.. මට ඕකව තමා ශුවර්ම නැත්තේ...

" හ්‍යුන්ග් යන් පහළට... මොනවාහරි බීලම කතා කරමු නේ...? "

මම කිව්වේ ෆේස් ටවල් එකකින් දාඩිය පිහිදන ගමන්... ජින් ,ජූන් හ්‍යුන්ග් දෙන්නගෙ තිබුනේ බැරෑරුම් පෙනුමක්... ටේ නම් මෙලෝ විචාරයක් නෑ මින්ජේ එක්ක සෙල්ලම..

" කුකී..."

" හ්‍යුන්ග්?? "

" නිව්ස් එහෙම දකින්න ඇති නේ? ඔයා දන්නවනේ මම මේ මොකක් ගැනද කතා කරන්නෙ කියලා? "

THE BOXER || JJK ✔️Where stories live. Discover now