7 කොටස

1K 304 63
                                    


" දේ... අද උදේ තවත් මර්ඩර් එකක් උනා... තාම මීඩියා වලට දීලා නෑ... බලන්න එයා එයාගෙ ස්ටයිල් එක වෙනස් කරලා... ඒත් මේ එකම කෙනා...මොකද එයාගෙත් IP Address එක එක්කම අර චිට් එකත් තිබ්බා..."

" ඊයා මට බලන්න බෑ...! ඕක අහක් කරන්න... මට වමනෙට වගේ...."

ජින් හ්‍යුන්ග් ෆොටෝස් ටික පෙන්නද්දි ටේ නැගිටලා කෑගහන්න ගත්තේ එයාට බලාගෙන ඉන්න බැරිම තැන... අපි හැමෝගෙන්ම ටේ තමා හුඟක්ම සංවේදී... එයා ඒ නිසා මේ වගේ දේවල් වලට හුඟක් බයයි...

" අරස්සො අරස්සෝ... යාහ් ටේ බබෙක් වගේ.."

ජින් හ්‍යුන්ග් කෑගහන ගමන් ලයිට්ස් ඔන් කරලා වාඩි උනා.. ටේගේ නම් මූණ දෙක වෙලා... කොහොමත් ඒ බොඩී එක බලන්න පුලුවන් තරමේ එකක් නෙමේ...

" ජින් කිව්වා හරි... එයා ආයෙම පටන් අරන්... මතකද අර මරපු එකොළොස් දෙනා..?? එයාලගෙන් තුන් දෙනෙක් මරලා තිබුනේ මේ විදියට... හැබැයි එයාලගේ ඇඟේ ip address වත් අර චිට්ස්වත් තිබුනෙ නැ..ඒ වගේමයි ඒ මර්ඩර්ස් තුනම යට ගැහුවා කියලා දන්නවනෙ ඔයාලා.."

" ඔව්ව්... ඕකව මගේ අතට අහුවෙන්නෙපා කියලා ප්‍රාර්ථනා කරපන් යුන්ගි... "

යුන්ගි හ්‍යුන්ග් කියද්දි ජින් හ්‍යුන්ග් කේන්තියෙන් කිව්වෙ කොන්ඩේ අතරේ ඇඟිලි යවන ගමන්... උන දේවල් එකින් එක ඇස් ඉස්සරහා මැවෙද්දි මම කේන්තියෙන් අතමිට මොලවගත්තේ මේ මිනීමරුවා අල්ලගන්නවාමයි කියලා හිතාගෙනයි...

" තාම රිපෝට්ස් ආවේ නෑ.. මම තව ටිකකින් යන්න ඕනි.. මේ කේස් එක නිසා සෑහෙන්න වැඩ.. අලුත් මොනාහරි දැන ගත්තොත් මම කියන්නම් කට්ටියට..."

" ජින් හ්‍යුන්ග්... මට ප්‍රොමිස් වෙන්න ඌ ඔයාගේ අතට අහු උනොත් මුකුත් කරන්නෙ නෑ කියලා... මට දැනගන්න දේවල් තියෙනවා උගෙන්... මගේ අවුරුදු පහක ඉවසීම නාස්ති කරලා දාන්නෙපා චේබල්..."

" දේ කුකියා මට තේරෙනවා.."
.
.
.
.
මිනීමැරුම් වලට සම්බන්ධ තවත් ගොඩක් දේවල් අපි කතා කරලා මේ පාර හැමෝම එකතු වෙලා මේක විසඳන්න හිතුවේ මීට අවුරුදු පහකට කලින් අපි හැමෝම කිසිම දෙයක් කරගන්න පුලුවන් තත්වයක නොහිටිය නිසයි..

THE BOXER || JJK ✔️Where stories live. Discover now