14 වන කොටස

1K 294 75
                                    

" සර් අවුලක් නැනේ...?? "

" දේ ඉරේ.. කුකියා ගෙට් අප්... "

ඉරේ ජින්ට අත දීලා නැගිට්ටවද්දි ජින් නැගිටලා ගියේ බිම වාඩි වෙලා අඬන ජන්ග්කුක් ලඟට... ජන්ග්කුක් ජින්ව එහාට තල්ලු කරද්දි ජින් ඔලුවෙන් කාර් එක පෙන්නලා ඉරේට කිව්වේ ඇතුලේ තිබුන කුඩේ ගේන්න කියලයි.. මොකද ජින්ගේ තුවාල ඕනාවටත් වඩා ඇදුම්කන් දෙන්න අරන් තිබුනේ වැස්ස නිසා...

" දේ සර්..."

ඉරේ ජන්ග්කුක් ජින් දෙන්නට කුඩේ අල්ලන ගමන් එතනින් හිටගද්දි ජින් තමන්ගේ ජැකට් එක අස්සේ තිබුන id එකක් පෙන්නුවා...

" මං මෙතනදි ඔයාගේ ජින් හ්‍යුන්ග් නෙමෙයි.. ඔෆිසර් කිම් සොක් ජින්... කැප්ටන් ඔෆ් ටීම් ඇල්ෆා... ජන්ග්කුක් අඳුරගන්න මේ මගේ ලඟම ඒජන්ට්... කන්ග් ඉරේ..."

ජින් කිව්වේ තමන්ගේ id එක ජන්ග්කුක් අතට දෙන ගමන්... ජන්ග්කුක් මුකුත් හිතාගන්න බැරුව මාරුවෙන් මාරුවට ජින් ඉරේ දෙන්නා දිහා බලද්දි ජින් ඇස් වහන ගමන් ඔලුව වනලා ජන්ග්කුක්ගේ පිටට තට්ටුවක් දැම්මේ සේරම දේවල් කියන්නම් කියලා කියන්න වගේ..

" ඉරේ.. මේ බොඩී එක NIS එකට යවන්න ඕනි එකක්... අල්ලන්න මං එක්ක... කාර් එකට දාගමු..."

" සර්... ඔයාට අමාරුයි නේ.. මම කරන්නම්.. සර් ඇතුලට යන්න..."

" අනී ඉරේ... මාත් එන්නම් ඔයාට තනියෙම බෑ... මේක කවර් කරන්න වෙයි.. නැත්තං වාහනෙත් ලේ ගෑවෙනවා.."

" ම්..මොහ්... මොකද්ද මේ වෙන්නෙ??? "
ජින් කියද්දි ජන්ග්කුක් ඇහුවා...

" කුකී කලබල නැතිව ඉන්න... සේරම කියන්නම්... ඊට ඉස්සර වෙලා අපි දෙන්නට වැඩක් තියෙනවා.."

" බෑ මට දැන්ම දැනගන්න ඕනි... පල්ලී පල්ලී.... ඌහ්!!! "

ජින් කියද්දි ජන්ග්කුක් කෑගහලා කිව්වේ ඔලුවට තවත් මේක දරාගන්න බැරි තැන... ඉරේ ජන්ග්කුක්ව පාලනය කරගන්න බැරි තැන ගන් එකෙන්ම ජන්ග්කුක්ගේ ඔලුවට පාරක් දුන්නේ හෙම්බත් වෙලා ඉඳිය ජන්ග්කුක් ඇදගෙන වැටෙද්දියි...

" යාහ් ඉරේ...."

" නැත්තං මෙයාව කොහොමද සයිලන්ට් කරගන්නේ...? අපිට වෙලා නෑ කැප්ටන්... බොඩී එක දෙන්න ඕනි.. "

THE BOXER || JJK ✔️Where stories live. Discover now