4th Chapter ✌️

514 156 29
                                    

" ඔයා යුංගිට කැමති නේද?.. "

මින්හා ජන්ග්කුක් ගේ මුනට බර වෙලා අහද්දි ජන්ග්කුක් බය වෙලා මින්හා දිහා බලලා ආයෙත් අහක බලා ගත්තේ ලැජ්ජාවෙන්...

" ජන්ග්කුක් ???"

මින්හා තවත් ජන්ග්කුක් ගේ මූණට එබිලා ඇහුවේ ජන්ග්කුක් සද්දයක් නොකර හිටිය නිසයි...

" අයින්ට වෙන්න ... "

ජන්ග්කුක් මින්හාව එහාට කරලා යන්න හැරුනා. ඒත් මින්හා ඒ එක්කම ජන්ග්කුක් ගේ බ්ලේසර් එකේ කොනකින් අල්ලලා නතර කරන් බිම බලන් යටි තොල හපා ගත්තා...

" ඔයා මට යන්න නොදුන්නොත් තවත් මට මාව පාලනේ කර ගන්න බැරි වෙයි මින්හා.. "

ජන්ග්කුක් මින්හාගේ මූනවත් නොබලා කියද්දී මින්හා එක පාරට ජන්ග්කුක් දිහා බැලුවේ එයා මොනවද කියවන්නේ කියලා අහන්න වගේ..

"තව දෙයක්.. ඔයා මට මෙහෙම ලංවෙන්න එපා...ඒක මට වගේම ඔයාගේ හිතේ ඉන්න කෙනාටත් ඒක පස්සේ කාලේ ප්‍රශ්නයක් වෙයි.. "

ජන්ග්කුක් මින්හාගේ අත බ්ලේසර් එකෙන් අයින් කරලා දාලා එතනින් ගියේ ඇස් වලට ආව කදුලු අමාරුවෙන් හිර කරගෙන.. 

ස්කුල් එකේ වැඩිය කවුරුත් නොයන පැත්තක තිබ්බ බෝයිස් වොශෲම් එකට ගිය ජන්ග්කුක් ලොක් එකත් දාන් කණ්නාඩිය ගාවට වෙලා තමන් දිහාම බලන් හිටියේ කලකිරීමකින්..

" මින්හා... ඇයි ඔයාට තේරෙන් නැත්තේ...ඇයි මාව ඔයාට තේරුන් ගන්න බැරි.. ඔයා මගෙ හැගීම පොඩ්ඩක් හරි තේරුම් ගත්තනම් මං මේ හැමදේම ඔයාට කියලා හිත නිදහස් කර ගන්නවා.. ඒ වගේම ඔයාගේ සතුට ඔයාට අරන් දෙනවා.. "

ජන්ග්කුක් එයාගේ අත් දෙකම කෙස් අතර යවමින් වතුරෙන් තෙත් කලේ හිතේ තිබ්බ දුකට යි ,තමන් ගැන තිබ්බ පසුතැවීමටයි..

Time Passed ....

යුංගි උදේම නැගිටලා ලෑස්ති වෙලා කලින්ම ස්කුල් එකට යන්න ආවේ එයාගේ අලුත් කෙල්ල එක්ක කාලේ ගෙවන්න කියලා හිතන්.. හෙඩ් සෙට් එකත් කනේ ගහන් කෙල්ලට මැසේජ් කරන ගමන් හිනා වෙවී ආව යුංගී එක පාරට නැවතුනේ පාරේ හිටිය කෙනෙක්ගේ ඇගේ හැප්පිලා...

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now