21th Chapter ✌️

393 131 41
                                    

🍃🍃🍃🍃🍃🍃🍃🍃

After One Week Later ...

නිතර නිතර හෝබීගේ වැඩ වලට NIS හදිසි වැටලීම්  එල්ල වුනත් ඒ දේවල් වලට අහු වුනේ    හෝබිගේ ගැන්ග් එකේ අය විතරයි... අත තවමත් හොදටම හොද වෙලා නොතිබුන නිසා හෝබීට ඒ වැඩ වලට සම්බන්ධ වෙන්න බැරි වුන නිසාත් NIS එකට හෝබීව කොටු කරන්න සාක්ෂි මදි වුන නිසාත් හෝබීට ඒ කාලේ බලපෑමක් එල්ල වුනේ නැහෑ.. ඒත් NIS එක හෝබී ගෙවන හැම තත්පරේ ගැනම ඇහැගහගෙන හිටියා.. NK Ambassador  NIS  එකේ ප්ලෑන් එකට අහු වෙලා හෝබීට විරුද්ධව වැඩ කරන්න එකතු වුනත් NIS එක ඊට වඩා කපටී වුනා.. ඒ නිසා අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් NK  තානාපතිව එදා කොටු කර ගන්න NIS එකට හැකියාව ලැබුනා.. ඔවුන්ගේ ඊළග ඉලක්කය වුනේ හෝබීව..

හෝබී එදා සිද්ද වෙන්න යන දේ ගැන කලින් ඉදන්ම ඉව වැටිලා තිබුන නිසා ඒකට කලින්ම ලෑස්ති වෙලයි හිටියේ.. මීට පෙර කිසිම ඩීල් එකකට හොබිව ඩිරෙක්ට් සම්බන්ධ කර ගන්න එක ගැන ප්‍රශ්න නොවුන නිසා හෝබීට ඒ ගැන සැක හිතුනා.. ඒ නිසාම මොනම හරි ප්‍රශ්නයක් ඇති වුනොත් පැනලා යන්න ලේසි වෙන්න හෝබීගේ කෙනෙක් හාබර්  එකේ  පිටුපසට වෙන්න තිබ්බ ගේට් එකක් ලග තියලයි තිබුනේ... ඒ නිසා එදා හොබීට පැන ගන්න ලේසී වුනත් NIS එක හෝබීට යන්න ඉඩ ඇරියෙම තවත් දේකට අරඅදින්න සූදානමින් වගෙයි...

සතියක් ගෙවිලා ගියාට පස්සේ හෝබීට යන්තම් අත හොලව ගන්න පහසු තත්වයක් තිබුනා..

" ඔප්පා.. මේ බෙහෙත් බොන්නකෝ.. "

මින්හා හෝබීට වතුර වීදුරුවකුත්  එක්ක බෙහෙත් ටික දෙන ගමන් කීවා..

" දැන් ඕවා ඕනේ වෙන් නෑ මැනික.. කොමාවෝ .. ☺️ "

හෝබී මින්හාගේ කම්මුල හිමින් අතගාන ගමන් කියලා ගියේ බෙඩ් සයිඩ් ටේබල් එක ලගට.. සුපුරුදු විදිහට එකේ තිබ්බ ටැබ්ලට්ස් දාලා තිබ්බ බෝතලේ අරන් ටැබ්ලට් එකක් අතට ගත්ත හෝබී ටික වෙලාවක් ඒක දිහා බලන් හිටියා...

" ඔප්පා. මොනවද ඔය ?.. ඔයා තව මොනවට හරි බෙහෙත් බොනවද ?...😳 "

" ම්ම්.. පොඩි ඔලුව කැක්කුමකට.. ඒත් දැන් මට ඒක ඕනවෙන් නෑ .. "

" වෙහ්හ් ? "

" දැන් මට ඒ ජරා ලෙඩේ කාලෙකින් හැදුන් නෑ... මගේ මැනික ඉන්න නිසා.. "

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now