Final Chapter ✌️

628 142 81
                                    

පහුවදා උදේ නැගිටිද්දී ඇගට දැනුන බර ගතිය නිසා මින්හා හිමීට ඇස් අරද්දී හෝබී මින්හාගේ පපුව උඩ මින්හාව බදන් නිදී... මින්හාට පුංචි හිනාවක් යද්දී හෝබීගේ කොන්ඩේ හිමීට අත ගාලා ඔලුවට කිස් එකක් දුන්නා...

" ම්ම්ම්... මැණික නැගිට්ටද... මට තව විනාඩි පහක් දෙන්න ... "

හෝබී ඇස් දෙක වහන්ම කියලා ආයෙත් මින්හාට තව තුරුල් වෙලා නිදාගත්තා.. මින්හා මුකුත් නොකියාව හෝබීගේ ඔලුව අත ගාලා කලින් දවසෙ රෑ වුන සිදුවීම් එකින් එක මතක් කලේ ලැජ්ජාවෙන් වගේම හෝබී ගැන තිබ්බ ආදරෙන්.. මින්හාට ඒ එක්කම හිනාවක්‍ යද්දී හෝබී එක පාරට ඔලුව උස්සලා යන්තම් ඇස් ඇරලා මින්හාගේ මූණ දිහා බැලුවා... මින්හා එක පාරට බය වෙලා අත් වලින් කටවහා ගත්තා...

.
" මොකෝ.. ඇයි හිනා වෙන්නේ... "

හෝබී එහෙම කියන ගමන් මින්හාගේ අත් මූනෙන් අයින් කලාම දැක්කේ මින්හාගේ මූණ රතු වෙලා තියන හැටි...

" මොනවද හිතන්නේ ඔයා ?. ආඅ 🙂 මූණ රතු වෙලා..."

" මුකුත් නෑ 😐 නිකන්.. "

" නිකන් වෙන්න බෑ.. කියන්න.. ".

හෝබී කීවේ කෙල්ලගේ මූණට ලං වෙන ගමන්...මින්හා ආයෙත් ලැජ්ජාවෙන් තොල් දෙක තද කරන් අහක බලාගත්තා ..

" ම්ම්ම් .. මුකුත් නෑනේ? . එහෙමනේ.?. ඉන්නකෝ.. "
.

හෝබී එහෙම කියලා මින්හාගේ බෙල්ල හෝබීගේ මූනෙන් කිති කවන්න ගත්තා...

" 😄😄😄 ආඅ ඔප්පා.. අනේ... එපා.. "

" ඇයි දැන් මුකුත් නෑ කීවේ.. "

" අනේ ඉතින් නැති නිසානේ...."

" වෙහ්... රෑ වුන දේවල් මතක් වුනාද.. "

" 😐 ඔප්පා... "

" 😄 ඔම්මෝ මෙන්න ආයේ රතු වෙනවා... කෝ එන්න අපි යන්.. "

හොබී කෙල්ල වචනයක්වත් කියන්න කලින් මින්හාව වඩාගෙන දෙන්නා එක්කම වොශ් රූම් එකට ගියා...

දෙන්න එක්කම වොශ් දාලා ඉවර වෙලා බ්‍රෙක්ෆස්ට් එකත් අරන් හෙවුන්දේ වල ටිකක් ඇවිදින්න කියලා හිතන් දෙන්නත් එක්කම කාර් එක ලගට ආවා...හොබී මින්හාව කාර් එකෙන් වාඩි කරලා දොර වහනවත් එක්කම හෝබීට කෝල් එකක් ආවේ එයාගේ විශ්වාසවන්තම ගෝලයගෙන්..

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Onde as histórias ganham vida. Descobre agora