8th Chapter ✌️

461 152 54
                                    


" ඔයා... 😲 "

මිස්ට.ජොන්ග්  බය වෙලා වගේ එක පාරට යුංගී දිහා බලද්දී යුංගී මුකුත් හිතා ගන්න බැරුව බැලුවේ දොන්ග් මින්  දිහා...

" මහත්තයා ? "

"......"

" මහත්තයා ...? "

" ඔහ් ...ඔහ්.. අහ් මං මේ.. කියන්න ගියේ.. දොන්ග් මින් මේ ළමයට හැමදේම කියලා දුන්නා නේද? "

" ඔව් මහත්තයා ... "

" හරි එහෙනම් .. වැඩ ටික කර ගන්න.. මොනවාහරි උවමනාවක් වුනොත් මට කියන්න... "

" හරි මහත්තයා . "

මිස්ට ජොන්ග්  ටික වෙලාවක් යුංගි දිහා බලන් ඉදලා එයාගේ රූම් එකට යන්න හැරිලා ආයෙත් යුංගිට කතා කලා...

" මින් යුංගී? "

" දේ... "

" පුතා කෝකටත් අපේ පුතා ඉද්දී පේන්න ඉන්න එපා.. "

" ආ දේ... "

යුංගී මිස්ට ජොන්ග් ට ඔලුව නවලා ආචාර කරනවත් එක්කම ජොන්ග් යන්තමින් හිනා වෙලා එයාගේ රූම් එකට ගියා...

" ආජුස්සී ... ඇයි ඒ ආජුස්සී ටිකක් අමුතු.. ".

" එයා එහෙම තමයි. එයා එයාගේ ළමයින්ටත් ගොඩක් ආදරෙයි... ඒත් පොඩි මහත්තයාගේ වැඩ නිසා ලොකු මහත්තයා ටිකක් අවුලෙන් ඉන්නේ.. ඒ දේවල් අපිට වැඩක් නෑ.. මෙහේ එන්න මට උදව් කරන්න.."

" දේ.....😩 "

යුංගී ආයෙත් මූණ එල්ලන් ගිහින් ආජුස්සී ට වැඩ ටික කර ගන්න උදව් කරලා ඔක්කොම අස්කරලා එළියට ආවේ ආයෙත් බෝඩිමට යන්න හිතාගෙනයි.. ඒත් එක පාරට ගාර්ඩ්න් එකට ආව කාර් එක නිසා යුංගී ටිකක් පස්සට ගිහින් බිත්තියට මුවා වෙලා ආව කෙනා කවුද කියලා බලාගෙන හිටියා.. ඒත් ගෙදර වැරෙන්ඩා එකේ තිබ්බ ලයිට් එක ඒ කෙනාගේ මූණ බලා ගන්න තරම් එළියක් තිබුනේ නැහෑ... ඒත් යුංගී දැක්ක දේ එක්ක යුංගිට දැනුනේ එයාගේ ඇගම සීතල වෙලා යනවා වගේ... කාර් එකෙන් බැහැපු කෙනා කලු ඇදුමක් ඇදන් කැප් එකක් දාන් හිටියා වගේම ගන් එකක් අරන් පිටිපස්සෙන් ගහන් ගෙට යනවා යුංගී බලාගෙන හිටියා...

" එතකොට.. මෙයාද මෙහේ පොඩි මහත්තයා .. 😲.. ඒ මිනිහා මොනවා කරන කෙනෙක්ද... යුංගියා.. 😭 මැරෙන්න තමයි පුතා වෙන්නේ.. කෝටකත් ඌ ඉන්න වෙලාවට එළියට නොයන එකමයි හොද... "

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now