14th Chapter ✌️

411 134 91
                                    

" ජොන්ග් ආජුස්සී  බන්.. මේ photo  එකේ ඉන්නේ 😒 "

" ආඅ ලොක්කාවද 🙂. ඔව් දන්නවා...😌
.
.
.
.

චම්කාන්.. ( ටිකක් ඉන්න )  😳 උබ කොහොමද එයාව දන්නේ? "

" එයා අපේ අප්පාගේ හොදම යාලුවා ? .. මට කියපන්කෝ මේක උඹට කොහෙදන්ද? "

" ඒක උඹට වැඩක් නෑනේ.. 😒 "

ජන්ග්කුක් photo  එක නවලා තිබ්බ තැනින් දිග ඇරලා බැලුවේ යුංගී ඒ photo එක උදුර ගන්න යද්දීමයි...

" ඔහ්.. මේ කවුද? "

ජන්ග්කුක් photo එක දිහා බලන් හිටියේ පුදුමෙන් වගේ.. ඒ එක්කම යුංගීත් ඒකට එබිලා බලලා ඇස් දෙක ලොකු කර ගත්තේ පිංතූරේ හිටිය කෙනා දැකලා...

" මේ කෙනා.. මෙයාව උඹ දන්නවද?"

" අනී.. මං අදමයි දැක්කේ.. ඒත් මේ එයාගේ වයිෆ්නම් නෙවේ.. මං දන්න තරමින් මේ එයාගේ නංගිත් නෙවේ.. "

" මිස්ට .ජොන්ග්  ට නංගි කෙනෙක් ඉන්නවද? "

" දේ.. හැබැයි මං වැඩිය දන් නෑ.. අපේ අප්පාව හම්බෙන්න ආජුස්සී ආව වලාවල් වලදි විතරයි මාත් එයාව දැක්කේ. කොටින්ම අපේ අප්පා එයාලා ගැන මට කියලා නෑ.. "

" ඒ කියන්නේ සූබී කියන්නේ මිස්ට ජොන්ග්  ගේ දුව කියලවත් උඹ දන් නැත්ද? "

" සූබී? ඒ කවුද? "

" මං කලින් යාලු වෙලා හිටිය කෙල්ලෙක් 😒 අපේ ස්කූල් එකේ .. "

" ම්වෝ?  ඕ ඒක තමයි එහෙනම් ඒ කාලේ ආජුස්සී එයාගේ දුවව රට යැව්වා කිවේ.. ඇත්තම කිවොත් එයාලගේ පවුල් පසුබිම ගැන මං දන් නෑ.. මොකද අපේ අප්පා අපිට ඒවා කවදාවත් කියලා නෑ.. අපි අහලත් නෑ.. මං මගේ ජීවිත කාලේම කලේ පාඩම් කරන එක විතරයි.. "

" ම්ම්.. උඹට මං වෙනුවෙන් දෙයක් කරන්න පුලුවන්ද?"

" මොකද්ද? "

" මෙහේ වරෙන්කෝ.. "

යුංගී ජන්ග්කුක්ව එක්කන් කවුරුත් වැඩිය නැති තැනක් බලලා එක්ක ගියා...

" මේ photo එක ගැන මට හොයලා දෙන්න පුලුවන්ද? "

" ම්වෝ?. මං කොහොමද ඒක කරන්නේ "

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin