15th Chapter ✌️

406 132 82
                                    

* බොස්.. මේ වැඩ වලට බොස් මේ ටිකේ ආවේ නැති නිසා.. "

" උබ දැන් මට උගන්වන්න එනවද?.. අහ්හ්... පලයන් යන්න මෙතනින්.. #&*#*# ... ශිට්.. F*&##& ...  "

හෝබී තරහෙන් කෑගහන ගමන් ආයෙත් ගන් එකෙන් බිල්ඩින් එකේ වහලෙට වෙඩි තියන්න ගත්තේ මුලු බිල්ඩින් එකම වෙඩි හඩින් දෝංකාර දෙන තරම් හයියෙන්...

*බොස්.. *

" 😖😠🤬 මං දැන් යනවා ... තව පැයකින් උබ මගේ තැනට වරෙන්.. "

හෝබී ගන් එකෙන් ඔලුව කහන ගමන් කියලා එතන හිටිය අයව ගානකටවත් නොගෙන කියලා යද්දී හෝබී අණ දුන්න කෙනා එතන හිටිය අනිත් අයට මැරුණ අයව අයින් කරන්න කියලා ඔලුවෙන් කියලා හෝබී පිටිපස්සෙන් ගියා . හෝබීට වහනේට නගින්න දොර ඇරලා දුන්නම හෝබී ඒ කෙනා දිහා ඇස් යටින් රවලා බලලා වාහනේ නැගලා ගියේ තිබ්බ තරහා නිසා වාහෙන් දූවිලිත් අවුස්සගෙනමයි..

හෝබී කෙලින්ම ගියේ මින්හාව ගන්න.. හෝබී යනකොටත් මින්හා වැඩ ඉවර වෙලා නොතිබුන නිසා කාර් එක පාර්ක් කරලා හෝබී සද්ද නොකරම ගිහින් ශොප් එකේ කෙලවර තිබ්බ ටේබල් එකකින් ගිහින් ඉදගත්තා....

ටික වෙලාවක් යනකනුත් මින්හා හෝබීව දැක්කේ නැ.. මොකද ඒ වෙලාවේ හැටියට ශොප් එකට ගොඩක්ම සෙනග එන්න වෙලාවක් නිසයි.. මින්හා කඩියා වගේ එහෙට මෙහෙට දුව දුව වැඩකරන හැටි හෝබී බලන් හිටියේ හිනා වෙන ගමන්..

Hobi Pov....

දන්නවද මැණික... මං ඔයාට ආදරේ කරන්න අරන් වැඩි කාලයක් නොවෙන්න පුලුවන්.. ඒත් මේ කාලෙට මං මෙච්චර ඔයා ගැන වදවෙයි කියලා හිතුවේ නැහෑ. මං කොච්චර දරුණු කෙනෙක් වුනත් ඔයාව දැක්කම මාව නිවෙනවා. ඒ වගේම මගේ හැම ප්‍රශ්නයක්ම ඔය මූණ දැක්කම අමතක වෙනවා.. මං පොඩි කාලේ ඉදන් හොයපු එකම දේ ආදරේ.. ඒ නිසා වෙන්න ඇති මං මේ ටික කාලෙට හැම වෙලේම ඔයා වටේම ගැවසෙන්න බලන්නේ.. මේ නපුරගේ මූණට හිනාවක් ගේන්න ඔයාට පුලුවන් වුනා ... මම කවදාත් මං නිසා ඔය හිනාව නැති වෙන්න දෙන් නෑ පන..

Hobi Pov End...

හෝබී ඇස් පිල්ලම් නොගහා මින්හා දිහා බලාගෙන ඉන්න ඇති.. හෝබී ශොප් එකට ඇවිත් පැයක් යන්න ගියා.. ඒත් ඒක හෝබීට ගානක්වත් වුනේ නැහෑ.. ඒත් එක පාරට හෝබිගේ අවදානේ බිදුනේ සුපුරුදු විදිහට ශොප් එකට ආව කොල්ලෙක් මින්හාට පැණි හලන්න ගත්ත නිසයි... මින්හා ඕඩර් එකට පේ කරන්න ඒ කොල්ලගෙන් කාර්ඩ් එක ගන්න හැදුවත් ඒ කෙනා මින්හාව විහිලුවට අරන් කාර්ඩ් එක නොදී කෙල්ලව නටවන්න ගත්තා....මින්හාත් දන්න මායම් දාලා කොල්ලව ශේප් කරගන්න හැදුවත් ඒ කොල්ලා තව තවත් මින්හාව අවුස්සලා නැවතුනේ මින්හාගේ අතින් අල්ලලා...

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now