20th Chapter ✌️

394 133 50
                                    

යුංගී රූම් එකේ තිබ්බ බැල්කනී එකට වෙලා අහස දිහා බලන් හිටියේ හිස් හැගීමකින්...

" එහෙනම් මට අයිති ජීවිතේ මේකද ?.. මේ දේ මං කීයටවත් බලාපොරොත්තු වුනේ නැති දෙයක්... මං හිතුවේ මගේ ඔම්මා අප්පා සාමාන්‍ය අය කියලා.. ඒත් මෙහෙම දෙයක් වෙයි කියලා හිතන්නේ කොහොමද.... කාත් කවුරුත් නැතුව අතේ සතේ නැතුව ඔහේ පැද්දී පැද්දී ජීවත් වුන මං ඇත්තටම කෝටිපතියෙක්ගේ පුතෙක් වෙයි කියලා කීයටවත් හිතුවේ නැහෑ... ඒ හැමදේම හරි.. මට ඉන්න එකම හතුරට මං කොහොමද හ්යොන්ග් කියලා කතා කරන්නේ.. මං කොහොමද ඌ මගේ හ්යොන්ග් කියලා පිළිගන්නේ... ඌ මාව ඒ විදිහට පිළිගනීද?.. මගේ අප්පා ගැන දැනගෙනත් ඇයි මට කිසි සතුටක් නැත්තේ.. මගේ ඔම්මා ඇයි මාව දාලා ගියේ... අරූ කියන විදිහට මගේ ඔම්මා නැති වුනේ මගේ වරදින්නම්.. මට මේ දේවල් වලට අයිතියක් නෑ.. ඔම්මාට වුන දේ දැනගෙන මෙහෙන් යන එක තමයි මට කරන්න පුලුවන් එකම දේ... එතකොට මට මං අනාතයෙක් නෙවේ කියලා හරි හිත නිදහසේ ජිවත් වෙන්න පුලුවන්... "

යුංගි අහස දිහා බලන් ඔහේ කල්පනා ලෝකේක වැටිලා හිටියා.. මේ අතරේ ජොන්ග් රූම් එකට එනවාවත් යුංගීට දැනුනේ නැහෑ...

"පුතා... "

" ඔහ්... අහ් මං දැක්කේ නෑ ඔයා එනවා.. "

" ම්ම්... පුතාට දැන් කොහොමද ? "

" ප්‍රශ්නයක් නෑ.. හෙට කොහොමත් මේක අයින් කරනවනේ.. "

" ම්ම්.. පුතාට දැන් කරදරයක් නැත්නම් අපි ටිකක් කතා කරමුද.. ? "

" දේ.. "

" එන්නකෝ එහෙනම්.. මෙතනින් වාඩි වෙන්නකෝ.. "

ජොන්ග් යුංගිගේ පිටට අතක් තියලා බෙඩ් එක පෙන්නලා කීවම  යුංගී එතනින් වාඩි වෙලා ජොන්ග්  දිහා බැලුවා..

" මං දන්නවා පුතා ඔයා තවම ඉන්නේ හිත හොදකින් නෙවේ කියලා.. "

" එහෙම එකක් නැහෑ.. ඒත් මට එහෙම බැදීම් ඇති කර ගන්න ආසාවකුත් නැහෑ.. මොකද මං හැදුනේ වැඩුනේ තනියම.. ඒකත් මට වැඩිහිටියෙක් ඕනේම කාලේ..ඉතින් දැන් අමුතුවෙන් මට වෙනස් වෙන්න ඕනකමක් නෑ "

" ඔව් මට තේරෙනවා.. ඒත් මේ හැමදේම වුනේ හරි ඉක්මනින්... "

ජොන්ග්  ඇස් වල තිබුන කණ්නාඩිය ගලවලා අතට අරන් ඇගිලි දෙකකින් ඇස් පිහදාන් කාමරේ වටේම ඇස් යැව්වා...

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now