11th Chapter ✌️

448 142 71
                                    

සූබී ගියාට පස්සේ හෝබී බැල්කනි එකට වෙලා ඈත අහස දිහා බලන් පැය කිහිපයකට කලින් සිද්ද වුන දේවල් ආයේ මතක් කරන්න ගත්තේ අත් මිට මොලවන ගන්න ගමන්...

Hobi Pov...

ඇත්තටම මං කවුද?.. මෙහෙම ජීවිතයක් මට ඕනේද?.. මේ හැමදේටම වැරදී අප්පා.. මේ වගේ කාලකන්නි ජීවිතයකට මාව ඇදලා දැම්මේ අප්පා.. පොඩි කාලේ ඉදන් මට ඕනේ වුනේ හිනා වෙලා සතුටෙන් ඉන්න.. ඒත් මොකද්ද මට මේ වුනේ..හිනාව කියන එක මට දැන් පේන්න බෑ.. මං ඉස්සරහා හිනා වෙලා සතුටෙන් ඉන්න මිනිස්සුන්ව මට එක පාරින් වෙඩි තියලා මරන්න හිතෙන වෙලාවල් අනන්තයි.. ඇයි එයාලා විතරක් සතුටෙන් ඉන්නේ?.. ඇයි මට සතුටෙන් ඉන්න බැරි.. මේ කාලකන්නි ලෙඩේ තමයි මේ හැමදේටම මුල.. ඔව් මං ලෙඩෙක්.. පොඩි කාලේ ඉදන් මං දැකපු දේවල් එක්ක ,මට ලැබුන ටෙන්ශන් එකත් එක්ක මං ලෙඩෙක් වුනා.. මට විශාදය තියෙනවා.. තේරෙන විදිහට කියනවනම් ඩීප්‍රෙශන්. නිතරම තරහා යන වගේ සුලු තත්වෙන් නෙවේ.. මහා පරිමාණෙන්.. ඒ කියන්නේ මං මානසික ලෙඩෙක්. මට සතුටෙන් ඉන්නත් බෑ.. වෙන අය සතුටෙන් ඉන්නවා පේන්නත් බෑ.. මට කේන්ති ගියොත් ලග ඉන්නේ මොකා වුනත් ඌ ගැන මං හිතන් නෑ... පොඩි කාලේ මට කවුන්සිලර් පවා කලා.. මට තනිවෙලා ඉන්න ඕනේ වුනා. කාමරේකට වෙලා හැමෝගෙන්ම ඈත් වෙලා දවසෙම අඩ අඩ හිටියා.. මගේ ඔම්මා මාව දාලා ගිය දවසේ ඉදන් මං හිටියේ එහෙම.. මේ දේවල් වලට මගේ ඔම්මාත් වැරදී.. ඒත් එයා තමයි මගෙ මුලු ලෝකේම වුනේ.. අප්පාගේ වැරදි නිසා මගේ ඔම්මා මට නැති වුනා....

මං මේ වගේ හිතක් පපුවක් නැති මිනිහෙක් වුනේ මගේ ලෙඩේ වගේම මං කරන ජොබ් එක නිසයි.. ඒ වැඩ වලදි මට මිනිස්සු ගැන පවු කියලා හිතලා තීරණ ගන්න බැහෑ.. අදත් ඒ වගේ දවසක්.. මගෙ අතින් කිසිම දෙයක් නොදන්න අසරණයෙක් මැරුණා.. ඒත් ඒ දේ මට කරන්න වුනේ මගේම හොදට..

මං ගැන හිතටවට වඩා මට මගේ නංගී සූබී ගැන හිතන්න ඕනේ... මොකද ඔම්මා නැති වුනට පස්සේ මගේ ජීවිතේ වුනේ සූබී.. මං එයාව හැම වෙලේම බලා ගත්තා.. මට බැරි වෙලාවට මගේ මිනිස්සු මං එයා පස්සේ යැව්වා.. ඒ මගේ නංගිත් අපේ අප්පා වගේ මිනිහෙක් නිසා දුක් විදී කියන බයට.. එයාව මට හිර කරන්න වුනා..මං ඒ ගැන අදටත් පසු තැවෙනවා.. ඒත් මොනා කරන්නද.. මට මගේ සූබීව නැති කර ගන්න බැහෑ..

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now