19th Chapter ✌️

395 130 126
                                    


ජොන්ග්  ඇස් වලට කදුලුත් පුරවන් යුංගිගේ අතකින් අල්ල ගන්නවත් එක්කම එක පාරට රූම් එකේ දොර ඇරුන නිසා දෙන්නම එක පාරට දොර දිහා බැලුවා..

" 😳😳😳 "

" මොකද්ද මෙතන වෙන්න..? "

" ඔයා ඇයි මෙහෙට ආවේ? "

ජොන්ග්  එතනට ආව කෙනාගෙන් අහද්දී ඒ කෙනා ජොන්ග්  ලගට අඩියට දෙකට ඇවිත් යුංගී දිහායි ජොන්ග් දිහායි මාරුවෙන් මාරුවට බැලුවේ හිස් හැගීමකිම්..

" හෝසොක් ඔයාට මං අහන දේ ඇහුන් නැත්ද ? "

ජොන්ග් ඇහුවේ තරමක් සැරෙන් ....

" මං ද? මං නම් ආවේ ඊයේ මට මූට කියන්න ඉතුරු වුන දෙයක් කියලා යන්න.. ඒත් මට තේරෙන් නැත්තේ අප්පා මොනවද මෙතන කරන්නේ කියන එක.. ?  ඔය දෙන්න ගොඩක් සමීපයි වගේනේ.. නේ? "

හෝබී සාක්කුවල අත් දෙක දාන් ඔලුව ඇල කරලා ඇහුවේ ඇස් යටින් යුංගී දිහා බලන් ඔරවන ගමන්...

" මං ආවේ මේ ළමයව බලන්න.. මේ ළමයා ගෙදර වැඩ කරන නිසා.. "

" අහ් චින්චායෝ?.. ( ඇත්තද )  එච්චරද ?.. එතකොට මොකටද මෙයාගේ DNA Test එකක් කලේ ?... "

" හෝසොක් !!!!! තමුන් තමුන්ගේ සීමාවේ ඉන්නවා.. මගේ වැඩ වලට ඇගිලි ගහන්න එපා.. "

" ඇයි මට බැරි ?.. මං අප්පාගේ ආදල් ( පුතා ) නෙවේද ?.. මූ විතරද අප්පාගේ ආදල්?.. 😡 "

" හෝසොක්....!!!!! "

ජොන්ග් හෝබී ගේ මූණ ලගටම ලංවෙලා කෑගහද්දී හෝබී අපහාසෙට හිනා වෙලා අහක බලා ගත්තා...

" ආදල්?... මං ?  😢"

යුංගී ඇස් වල කදුලු පුරවන් ජොන්ග්  දිහා අසරණ බැල්මකින් බලන් අහද්දී ජොන්ග්  යුංගිගේ අතකින් අල්ලන් දිග හුස්මක් පිට කලා...

" පුතා... 😔 මට ඔයාට මේ දේ කියන්න ඕනේ වුනේ මෙහෙම නෙවේ. ඒත් .."

ජොන්ග් කියන්න යන දේට ඉඩ නොදී යුංගී එයාගේ අත ගසලා ගත්තා...

" මට කිසි දෙයක් අහන්න වුනවමනා නෑ.... මට දැන ගන්න ඕන වුනේ මෙච්චරයි.. මං දැන් දන්නවා මාව අනාතයෙක් කල අයව. ඒනිසා ඔයා දෙන්නම මෙතනින් යන්න..."

JUST FRIENDS 🤷 [ COMPLETED  ]Where stories live. Discover now