🚫 chapter 1 🚫

1.6K 208 64
                                    


රට :- ශ්‍රී ලංකාව
කාලය :- සිදුවීමෙන් වසරකට පසු....

"ජනා වරෙන්කො සෙල්ෆියක් ගන්න."

" ආහ්....... උඹලා ගනින්. මට වොෂ් රූම් යන්න ඕනෙ."

මම දන්නව දෙව් මගෙ දිහා බලපු බැල්මෙ තියෙන තේරුම. ඒත් මම බයයි ෆොටෝ ගන්න. යාලුවො සෙට් එකම එතන දාලා මම ආවෙ වොෂ් රූම් එකට...... කරන්න දෙයක් නෑ... දැන්ම ආපහු යන්නත් බෑ... දැන්ම ගියොත් යාලුවොත් එක්ක ෆොටෝ ගන්න වෙනව. කර ගන්න දෙයක් නැති තැන මම බාත් රූම් එකේ දොරට හේත්තුවෙලා සිගරට් එකක් පත්තු කර ගත්තා. බය හිතුනු වෙලාවට සිගරට් එකක් බොන එක දැන් මට පුරුද්ද වෙලා. අවුරුද්දක් තිස්සෙ මම මේකට ඇබ්බැහි වෙලා. නවත්ත ගන්න බෑ. සීතලක් බයක් දැනුනු හැම වෙලාවකම මගෙ අත් දෙක නිකන්ම හොයන්නෙ සිගරට් පැකට් එක.

කවුද දොරට ගහපු පාරට මම ගැස්සිලා සිගරට් එකත් බිමට වැටුන. ආශ්..........තව ටිකෙන් මගෙ හුස්මත් හිර වෙනව. හොඳ සුද්ද සින්හලෙන්ම කියනව කියල හිතාගෙන දොර අරින්න ගියත් පස්සෙ මතක් උනේ සිගරට් එක තාම බිම කියල. ටක් ගාලා එක කොමඩ් එකට දාල ගිහින් දොර ඇරිය.

" මොකද බන්.......... උඹ ආපහු සිගරට් බිව්වද?"
දෙව් ඇහුවෙ නහයත් අකුලගෙන.

"යමන්කො..........."
මට ඕන උනේ මෙතනින් යන්න.

"උඹ ඔය ජරා පුරුද්ද අත අරින්නෙම නැද්ද කියපන්.."

මට ඒකට දෙන්න උත්තර නෑ. ඉස්සර මට සිගරට් බීපු කෙනෙක්ගෙ ලඟින් වත් ඉන්න බෑ ඒකට දැන්. මේක නැත්තන් මම මැරෙන්නෙ බය වෙලා.

දෙව් මාවත් ඇදගෙන එලියට ආවෙ මට ගහන්න බැරි කමට. මේකි යකින්නක් වගේ මගෙ අතින් අල්ලන් ඉන්නෙ. දැවිල්ලයි රිදෙනව.... අපි දෙන්න කෙලින්ම ඇවිත් කාර් එකට නැග්ග. දේව් තමයි ඩ්‍රයිව් කරන්නෙ. මම අවුරුද්දකින් වාහනයක් අතට අරන් නෑ.

"ජනා කියන දේ අහපන්.... අපිප් සයිකෑස්ට්‍රික් කෙනෙක් ගාවට යමු."

මම ඇස් දෙක පියාගෙ සීට් එකට ඔලුව තියාගෙන හිටියෙ ඇහුනෙ නෑ වගේ. දොස්තරලට මේ දේවල් වෙනස් කරන්න බෑ. ඒත් ඒක කාටවත් තේරෙන්නෙ නෑ.

Hanging Tree (Completed )Where stories live. Discover now