🚫 chapter 21🚫

265 120 1
                                    

අනිද්ද රෑ අපේ ඉරණම විසදෙනව කියන එකත් විහිලුවක්..... ඒත් ඒක ඒ විදිහටම වෙනව. ඒ ගෑනුකෙනා කියපුදේ අපි හැමකෙනෙක්ගෙම හිත්වල ගැඹුරටම කාවැදුනෙ හරියට ගලක කොටපු අකුරු වගේ.

පැය ගානක ගමනකින් පස්සෙ අපි කිට්ටු කලේ බූසාන් වලට. කලින් වතාවෙ අපි හැමෝම බූසාන් යනකොට හිටියෙ සතුටින්. ඒත් අද........... අපි හැමෝම අපෙ ඉරණම විසඳගන්න යනව..... ඒකත් එදා අපිත් එක්ක ගිය හත් දෙනෙක් නැතුව...... ඒ අය දැන් මැරිල කියන එකත් නපුරු හීනයක් වගේ. හැමතිස්සෙම මට හිතෙන්නෙ දැන් ඇස් හෙක පියාගෙන ඇරියොත් හැමදේම පරන විදිහටම වෙනස් වෙලා තියෙයි කියල..........

ඒත්............

අවාසනාවකට...........

එහෙම වෙන්නෙ නෑ...........

අපි බූසන් වලට ලන් වෙද්දි රෑ එකොලහමාරත් පහුවෙලා. වැස්සයි පාරෙ තැනින් තැනින් හම්බුන ට්‍රැෆිකුයි නිසා අපේ ගමන හිතුවට වඩා පරක්කු උනා. මඟ දිගට එක එක විදිහෙ බාදා ආවත් ඒ හැම එකක්ම විසඳුනේ හරියට මැජික් එකකින් වගේ.....

කලින් හොල්මන් දැන් මැජික්........... මට පිස්සු......

එක පාරක් පොලිසියෙන් අල්ලගත්තා..... පොලිස් ස්ටේෂන් එකට අපිව ගෙනියන්න ඔන්න මෙන්න තියල තියෙද්දි පොලිස් රේඩියො එකෙන් ආපු හදිස්සි කැඳවීමක් නිසා එයාල අපිට අපේ ගමන යන්න කියල යන්න ගියා..... එක තැනක පාරට පස් කන්දකුයි ගල් වගේකුයි කඩන් වැටිල තිබුන. අපිට වෙලාවට බූසාන් යන්න තිබුන එකම පාර තමයි ඒක. ආපහු හැරිල ගියොත් තවත් දවසක් අපිට පරක්කු වෙන්න වෙනව. ඒත් වෙලාව කියන්නෙ පොලිසියෙන් වගේම තවත් අය එකතුවෙලා පැයකින් වගේ පාර ටිකක් සුද්ද කරල අපිට යාගන්න ඉඩ දුන්න. එක තැනකදි ජින් වාහනේ ඩ්‍රයිව් කරද්දි මනුස්සයෙකුත් හැප්පුනා.... ඒත් ඒ මනුස්සය නැඟිටල එයාට ප්‍රශ්නයක් නෑ අපිට යන්න කිව්ව.....

තවත් ගොඩක් දේවල් උනා ඒත් අන්තිමට අපි දැන් බූසාන් වල.........

නම්ජුනාගෙ යෝජනාවකට අපි හැමෝම බූසාන් වල හොටෙල් එකක නැවතුනේ රෑ වෙලා ඒ ගෙදරට යන එක හොඳ අදහසක් නෙමෙයි කියල දන්න නිසා.

මම රෝස් එක්ක එක කාමරේක නවතින කොට අනිත් අයත් කාමර දෙකක නැවතුනා......... මම ෆෝන් එක අතේ තියාගෙන කල්පනා කරන්න ගත්තෙ මේක ඔන් කරනවද නැද්ද කියල. මොකද ඔන් කරපු ගමන් දේව්ගෙ කෝල්ස් වලට ආන්සර් කරන්න වෙන නිසා. අතේ තිබුන සිගරට් එකත් ඉවර වෙලා මගෙ අතත් ටිකක් පිච්චුනා..... කල්පනා කරන්න ගිහින් සිගරට් එකත් අපරාදෙ නිකම්ම පිච්චිලා ගිහින්. බාත්රූම් එකේ පැලවෙලා ඉඳල රෝස් එලියට ආවෙ බාත්‍ රොබ් එකක් පටලන් . වෙලාව පාන්දර එකටත් ලඟයි. ෆෝන් එක එහෙම්මම පැත්තකට දාලා මාත් මූන කට හෝදන් ඇවිත් එහෙම්මම ඇඳට වැටුන..... නින්ඳ ..........නින්ද නන් පේන මානෙකවත් තිබුනෙ නෑ. මට හැමතිස්සෙම මැවිල පේන්න ගත්තෙ ඉස්සෙල්ල සෝල් වලදි දැක්ක හන්බොක් එකක් ඇඳගෙන හිටපු ගෑනු ලමයව. එහෙට මෙහෙට පෙරලි පෙරලි ඉඳල ඇස් දෙක පිය උනේ කීයට ද කියලවත් නොදැනම අපි දෙන්න නින්දට වැටුන.

Hanging Tree (Completed )Where stories live. Discover now