🚫 Chapter 30🚫

682 159 237
                                    

මම හෙමිහිට දේව්ට නොතේරෙන්න කණ්නඩියෙන් බැලුවෙ පිටිපස්සෙ ෂීට් එක දිහා. මේරි පිටි පස්සෙ ෂීට් එකේ වාඩි වෙලා මන් දිහා බලන් ඉන්නව............. හැම වෙලාවෙම මගේ පස්සෙන් ආපු මේරි අදත් මන් පස්සෙන්........ බූසාන් වලට ලන් වෙද්දි දේව්ගෙ කලබල ගතිය එන්න එන්නම වැඩි උනා. මම බලන බලන සැරේට දේව් අත් දෙකෙන් කොණ්ඩෙ අවුල් කරගන්නව, නැත්තන් නියපොතු කනව.

"දේව්........."

"ඕ කියන්න අපි ආපහු යනවද?"

දේව් ඇහුවෙ දඩි බිඩි ගාල මගේ පැත්තට හැරෙන ගමන්.

"තව ටිකකින් අපි ඒ ගෙදරට යනව."

මම එහෙම කිව්වහම දේව්ගෙ මූන බලන් ඉද්දි සුදුමැලි උනා. පව් කෙල්ල.....

"ආ............

හරි........

හැබැයි උඹ එහෙ ගිහින් මඟුලක් කලොත් ඇත්තමයි මමම උඹව මරනව. මෙහෙම උඹ හින්දම මම බය වෙලා මැරෙන එකෙ ඉවරයක් තියෙන්න ඕනෙ."

දේව් කෑ ගැහුවෙ ෂටර් එකෙන් එලිය බලාගෙන.

ඒ ගෙදරට යනකන්ම එයා මගෙ මූනවත් බැලුවෙ නෑ.

.......................................

හැම තැනම ඒ විදිහමයි....යකඩ ගේට්ටුව ලඟ ටිකක් වෙලා වාහනේ නතර කරල මම ඔහේ බලන් හිටියා....... අත් දෙකෙන්ම ස්ටියරින් වීල් එක තද කරල අල්ල ගත්ත මම ආපහුවතාවක් පිටිපස්සෙ හිටපු මේරි දිහත් බැලුව. දෙව් මම බලපු නිසාම පිටිපස්ස බැලුවත් එයාට මේරිව පෙනුනෙ නෑ. ලොකු හුස්මක් ගත්ත මම ඉස්සරහට වාහනේ අරගෙන ගියා.. කිසි වෙනසක් නෑ... මේ ගෙදර තාමත් ඒ වගේම තමයි. ........ ඒත් මම වෙනස් වෙලා..... උදේ උනත් හැමතැනම තිබුනෙ ලොකු අදුරක්...... අහස පවා වලාකුලු වලින් පිරිල..... මේ ගෙදර වටේට තියෙන අදුර කවදා නැතිවෙයිද කියල හිතා ගන්න බෑ.

දේව් එලියට බහින්නෙ නැතුව තාමත් වාහනෙ ඇතුලට වෙලා ඉන්නව........

"දේව් උඹ ඕක ඇතුලට වෙලා මේ ගේ දිහා බලාන පිලිකුල් භාවනාව නොකර එලියට බැහැපන්."

"ජනා මට කියපන් ඉස්සෙල්ලම උඹ මෙහාට ආයිත් ආවෙ ඇයි කියල."

මම එයාගෙ පැත්තට හැරෙනකොටම මට කිසි දෙයක් කියන්න නොදී ආපහු එයාම පටන් ගත්තා.

You've reached the end of published parts.

⏰ Last updated: Jan 12, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Hanging Tree (Completed )Where stories live. Discover now