🚫chapter 24🚫

255 121 3
                                    

වටේම ගස් හුලඟට කරකැවෙන්නෙ පිස්සුවෙන් වගේ. මුලු පලාතම අඳුරු උනෙ හිතන්නත් කලින්..... වෙලාව දවල් දෙකට තුනට විතර උනත් දැනෙන්නෙ හරියට හය හත වෙලා වගේ.....අඳුරයි සීතලයි.... එන්න එන්නම වැඩි වෙන්නෙ මූසල හැඟීම් ගොඩක් හිත පතුලටම කාවද්දගෙන........... හැමදේම ඉවරවෙන්නයි යන්නෙ.......

නෑ...........

හැමදේම විසදෙන්නයි යන්නෙ.........

කුකීගෙ ඔලුවෙන් ගලාගෙන ගිය ලේ පාරක් එහෙම්මම බේරිලා ගිහින් වලට වැටුනා...... කුකීගෙ ඔලුව වටේට තිබුන පස් රතු පාටින් පාට වෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ....එක පාරටම කිසිම දෙයක් හිතාගන්න බැරුව මම ආපහු බැලුවෙ මගේ ඉස්සරහම වලෙන් අනිත් පැත්තෙන් හිටගෙන මන් දිහා කන්න වගේ බලන් ඉන්න ජින් දිහා...... නෑ එයා බලන් හිටියෙ මන් දිහා නෙමෙයි. මගේ පිටිපස්සෙන් තිබුන දෙයක් දිහා......... මගෙ පපුව ගැහෙන වේගෙ එන්න එන්නම වැඩි වෙනව වගේ දැනෙන්න ගත්තෙ ඔලුවත් එක්කම හිරිවට්ටගෙන. අනිත් අය හැමෝම මොකද්දෝ කියල කෑ ගහගනව වගේ පෙනුනත් මට කිසිම දෙයක් ඇහුනෙනෑ.... නම්ජුන් මගේ පැත්තට අතක් දික් කරගෙන මොනවදෝ කියාගෙනම මන් ලඟට එන්න හැදුව..... මට දැනෙන්නෙ හැමදේම හෙමින් සිද්ද වෙනව වගේ.... මට පේන හැමදේම හරියට ෆිල්ම් එකක් ස්ලෝ මෝෂන් දාලා වගේ පේන්නෙ........

මගේ මුලු ඇඟම ගල් වෙලා වගේ දැනෙද්දි....... ඇස් වලින් කඳුලු කැට පෝලිමට වැටෙද්දි ....
හෙමින් හෙමින් .....
ටිකෙන් ටික.......
මම හැරුනෙ මගේ පිටිපස්සට...........

මගේ ඇස් ඉස්සරහම තියෙන්නෙ හීනෙකින් වත් හිතුවෙ නැති විදිහෙ දෙයක්.......
ලේ බේරෙන යකඩ පොල්ලක් අතේ තියාගෙන මන් දිහා බලන් හිටියෙ රෝස්..... රෝස්........
ඔව් ඒ රෝස්.....
අහින්සක රෝස්........... නෑ....
ඒ මූනෙ තිබුනෙ මම කවදාවත් දැකල නැති මිනීමරු ඇස් දෙකක්.........
මට ආපහු බැලුනෙ සිහියක් නැතුව බිම වැටිල ඉන්න කුකී දිහා........
ආපහු වතාවක් මම රෝස් දිහා බලන්න ඔලුව උස්සද්දිම මට දැනුනෙ මගේ ඔලුවෙන් ලොකු වේදනාවක්...... ජීවිතේටම ඒ වගේ වේදනාවක් මට කවදාවත්ම දැනිල නෑ...... වටේම අඳුරු වෙද්දි මාව එහෙම්මම ඇදගෙන වැටුනෙ කුකීගෙ ඇඟ උඩටමයි.

Hanging Tree (Completed )Where stories live. Discover now