🚫chapter 9 🚫

362 131 28
                                    

කැලෑව ඇතුලෙදි වෙලාව ගෙවිල තිබ්බෙ හිතාගන්න බැරි විදිහට. පැය හතරකත් වඩා අපි කැලෑව ඇතුලෙ රෝස් වයි ටේමින් වයි හොයල තිබ්බ. ඒත් ඇත්තටම අපි එච්චර වෙලා ඒක ඇතුලෙ හිටියෙ නෑ.

"කොහොම හරි දැන් වෙලාව ගිහින් ඉවරයි.. මට මෙතන තවත් ඉන්න හිතෙන්නෙ නෑ. අපි ඉක්මනට මෙහෙන් යමු."
සුගා කියද්දි හැමෝම ඒකට කැමති උනා. වෙන දවසක වෙන තැනක වෙන වෙලාවක උනා නන්. මේ කතාවට අපි සුගාට හොඳටම විහිලු කරන්න තිබ්බ. ඒත්........

ඒත්.. අද  කිසි දෙයක් නොකිය අපි හැමෝම ඒකට කැමති වෙලා ඔලුව වැනුව...... සිද්ද උන දේවල්, සිද්ද වෙන දේවල්, ගැන අපි කවුරුත් හිතුවෙ නෑ.... හැමෝටම ඕන උනේ මෙතනින් පැනල යන්න.
ඉක්මනට යන්න....

සිහියක් නැතුව ඉන්න ටේමින් වත් උස්සන් ටේයි නම්ජුනුයි වාහනේ ලඟට ගියා... අපිත් එහෙ මෙහෙ දාලා තිබුන බඩු උස්සන් වාහන වලට නැග්ග. රෝස් ටේමින් හිටිය වාහනේට නගින්න බෑම කියල අපේ වාහනේට නැග්ග.

Are you, are you
Coming to the tree
They strung up a man
They say who murdered three
Strange things did happen here
No stranger would it be
If we met at midnight
In the hanging tree…….

මගේ කන ලඟින්ම ගෑනු කෙනෙක් සින්දුවක් මිමිනුවෙ තාලෙට........

"රෝස් ඔය සින්දු කියන එක නවත්තනවකො....."
මම කෑ ගැහුව නෙමෙයි කෑ ගැහුන.... මම හිටියෙ කලබල වෙලා....

රෝස් දෙපැත්තට ඔලුව වැනුවෙ එයා සින්දු කිව්වෙ නෑ කියල කියන්න......

"මටත් ඇහුන..."
කුකී කිව්වෙ පිටිපස්සට හැරිල...

අපි හැමෝම බැලුවෙ සෙමී දිහා.....

"මාත් නෙමෙයි අනේ........."
සෙමිය කිව්වෙ ජේක්ට තුරුල් වෙන ගමන්..

"එයා නෙමෙයි ......... මටත් ඒක ඇහුන........"
ජේක් කිව්වෙ අපි හැමෝම දිහා බලන ගමන්.

"මේක ඇතුලෙ හොලමන්........"
මට කියන්න ගිය එක ඉවර කරන්න හම්බුනේ නෑ. කුකී මගේ අතින් අල්ල ගත්තා. එයා ඔලුව දෙපැත්තට වැනුවෙ එපා කියල කියන්න වගේ.... ..     

මුන්ට පිස්සු හැදිලද....... මේ වෙලාවෙ මේ වගේ සින්දු කියන්නෙ......   මට දැනුනෙ කේන්තියක්............

අමුතු සීතලක් වාහනේ ඇතුලෙ පැතිරුනේ ඒසී එක හොඳටම වැඩි වෙලා.

Hanging Tree (Completed )Where stories live. Discover now