🚫chapter 26🚫

312 131 29
                                    

හැමෝම සතුටින් හිනාවෙවී කතා කරන හැටි දිහා බලන් හිටපු මට එක පාරටම පෙනුනෙ මගෙ වටේ තිබුන හැමදේම දුමක් වගේ වෙලා නැතිවෙන්න පටන් ගන්න හැටි....... සිද්ද වෙන කිසිම දෙයක් නොතේරුනත් මම ඔහේ බලන් හිටියෙ වෙන කරන්න දෙයක් නැති කමට. මට දැනුනෙ හරියට මම මායාවක් ඇතුලෙ හිර වෙලා වගේ.....

ඇස් පිය ගහන තප්පරෙන් හැමදේම දුමක් වෙලා අතුරුදහන් උනා. දැන් මගෙ වටේම තියෙන්නෙ කරුවල විතරයි...... කවදාකවත් දැකල නැති තරමට හැම තැනම අඳුරුයි . මගෙ වටේට සුදු පාට දුමක් කැර කැවෙන්න ගත්තෙ එක පාරටම වගේ. ඒ දුම හැමතැනම පැතිරිලා ගිහින් එක එක රූප මගේ ඉස්සරහ මැවෙන්න ගත්තා..... මම ආපහු හිටිගෙන හිටියෙ ඒ ගෙදර ඉස්සරහ.... එක පාරටම ඇහුන අමුතු සද්දෙට මම හැරිල බැලුවෙ ගෙදරට එන පාර දිහා. ෆිල්ම් වල විතරක් අහල තිබුන ඒ සද්දෙ........ හරියටම අශ්වයොන්ගෙ කුර පොලොවෙ වදිද්දි එන සද්දෙමයි. අශ්වයො දෙන්නෙක් බැදපු කරත්තයක් ඇවිත් කෙලින්ම නැවැත්තුවෙ ගෙදර ඉස්සරහ. ඒත් එක්කම කරත්තෙ පිටිපස්සෙන් තවත් අශ්වයො තුන්දෙනෙක්ගෙ පිටේ නැගල පිරිමි තුන්දෙනෙකුත් ආව. දැකල හුරු පුරුදු මූනු ඔක්කොටම තිබුනත් ඒ කිසි කෙනෙක්ව අඳුරගන්න මට බෑ.......

අශ්වයො  තුන් දෙනාගෙ පිටේ ආව අය දිහා මන් ටිකක් වෙලා බලන් හිටියා. එක්කෙනෙක් සේවකයෙක් වගේ ඇදගෙන හිටියත් අනිත් දෙන්න ගොඩක් පරන තාලෙ ෆුල් සුට්  ඇදල හිටියා.... ඒ....... ඒ........ජේක්..... එක්කෙනෙක් ජේක් එතකොට අනිත් කෙනා..... ටේමින්...... ඒ දෙන්නටම දැනට වඩා වයස පාටයි............... හරියට තිස් ගනන් වල අන්තිම වගේ.......
මම කටත් ඇරගෙන ඊලඟට බැලුවෙ අශ්වයො පිටේ ආපු අනිත් කෙනා දිහා. ඒ ජිමින්........ එයයි අශ්ව කරත්තෙ දක්කගෙන ආපු කෙනයි දෙන්නම ඇදල හිටියෙ රජකාලෙ සේවකයො වගේ. අශ්වකරත්තෙ දක්කගෙන ආපු කෙනාගෙ ලඟට මන් ටිකක් ලන් උනේ එයාගෙ මූනත් තවත් ටිකක් හොඳට බලාගන්න. රැවුල වවල.... රජ කාලෙ සේවකයෙක් වගේ ඇදුමක් ඇඳගෙන හිටපු එයාව ඇත්තටම අඳුර ගන්න මට ටිකක් වෙලා ගියා...... ඒ හොබී........ ඔව් ඒ හොබී..... එයා ගිහින් කරත්තෙ පොඩි දොරක් ඇරියෙ ඇතුලෙ ඉන්න අයට එලියට එන්න....... මොනා වෙනවද කියල නොදැන මමත් ලඟට වෙලා හැමෝම දිහා බලන් හිටියා. මොකද මම දන්නව එයාලට මාව පේන්නෙ නෑ කියල.

Hanging Tree (Completed )Where stories live. Discover now