🚫 chapter 2 🚫

570 170 6
                                    

රට :- කොරියාව
කාලය :- සිදුවීමෙන් වසරකට පසු.......
ස්ථානය :- සෝල් ගුවන්තොටුපළ.....

ෆලයිට් එකෙන් එලියට එන්නෙ නැතුව හැමෝම බහිනකන් මම  බෑග් එක බදාගෙන හිටියෙ ඇස් දෙකත් පියාගෙන. දෙව් කොච්චර කතාකලත් මම ඇස් දෙක ඇරියෙ නෑ. අන්තිමට එයාර් හොස්ටස් කෙනෙකුත් ඇවිත් කතා කලා.

"මොන මඟුලක්ද බන් කරන්නෙ නැඟිටහන්කො මේ මිනිස්සුත් බලනව. දැන් උඹ නැඟිටිනවද නැත්තන් මම උඹව බෙල්ලෙන්ම ඇදගෙන යන්නද?......."
දේව් මූනෙ හිනාවක් තියාගෙන හරිම සන්සුන් විදිහට කිව්වෙ. බලන් ඉන්න මිනිස්සුන්ට සිංහල නොතේරුන නිසා ඒ අය හිතන්න ඇති මේකි මාත් එක්ක හොඳට කතා කරනව කියල.

තවත් මෙතන හිටියොත් දේව්ගෙන් ගුටිකාලා මැරෙන්න වෙන නිසාම මම නැඟිට්ට. ප්ලේන් එකෙන් බිමට බැහැපු වෙලාවෙ ඉඳලම මගෙ පපුව ගැහෙන්නෙ හරියට කෝච්චියක් වගේ.

බෑග් ටිකත් තල්ලු කරන් ඉස්සරහින් යන දේව්ව මම එක පාරටම නතර කලා......

" දේව් අපි ආපහු යමු..........."
මම යමු කියනකොට දේව් මගේ දිහා බැලුවෙ ඇස් දෙක එලියට පනින්න තරන් ලොකු කරගෙන.

" ප්ලේන් එක ලෑන්ඩ් කරද්දි උඹෙ ඔලුව කොහෙ හරි වැදුනද ජනා......."

ඇයි දෙයියනේ මේකිට තේරෙන්නෙ නැත්තෙ. මට මෙහෙදි මැරෙන්න වෙයි. ඇයි මම මෙහෙට ආවෙ හැමදේම දැනගෙනත් ඇයි මම ආපහු ආවෙ.

"අනේ ඇයි කියල අහන්න එපා. අපි දැම්ම ආපහු යමු.... යමු දේව් එ........යා එයි....... එයා මාව මරයි"
මම පිස්සුවෙන් වගේ කියවගෙන ගියේ......... මම දැක්ක දේව් කලබල වෙනව. ඒත් මට වැඩක් නෑ.... මට දැන්ම මෙහෙන් යන්න ඕනෙ........

මගෙ හුස්ම හිර වෙනව වගේ......... එයා ඇවිත්ද කොහෙද........... මට හුස්ම ගන්න බෑ.......නොදැනිම මගේ අත් වලට දේව්ගෙ ජැකට් එකපොඩි උනා....

"ජනා......... කූල් ඕකේ..........කූල්...... හුස්ම ගන්න......... හුස්ම ගන්න.........."

"මට යන්න ඕනෙ........... ආ.........පහු යන්න ඕනෙ...."

"හරි හරි දඟලන්නෙ එපා....... ඔහොම ඉන්න...."

"බෑ එයා........ එයා......... එයා එනව......"

"කවුරුත් එන්නෙ නෑ........"

" මට ආපහු යන්න ඕනෙ......"
මම ගිරියටින් කෑගැහුවෙ එයාපෝර්ට් එකේ බිම වාඩිවෙලා............. මම දැක්ක ඈතින් ගාර්ඩ් එකේ කට්ටියක් අපි ලඟට දුවගෙන එනව......

Hanging Tree (Completed )Where stories live. Discover now