🚫chapter 16🚫

315 134 23
                                    

කාමරේ පැත්තක බිත්තියෙන් බාගයක් වැහෙන්නම තිබුන ටින්ට් කරපු වීදුරුවෙ මීදුම වගේ බැදුනෙ සීතලට.........
නෑ සීතලට නෙමෙයි එයා ආපු නිසා.......
අපි ගන්න හුස්මත්  මිදෙන හැටි හැම කෙනෙක්ටම බලාගන්න පුලුවන් උනා..... ඒ කලු රූපෙ කාමරේ අනිත් මුල්ලට හෙමින් හෙමීන් යන්න පටන් ගත්තා. මට දැනුනෙ මගේ අත් දෙක විතරක් නෙමෙයි කකුල් දෙකත් වෙව්ලනව වගේ.

"සෝහා......... ඒසී එක අඩු කරන්න කියන්න. වැස්ස නිසා සීතල වැඩි වගේ..."
ජන්ග් ගියුන් කියද්දි සෝහ අපි හිටපු කාමරෙන් නැගිටල එලියට යන්න ගියා.

බිත්තියට වැටිල තිබුන හෙවනැල්ල හෙමිහිට බිම දිගේ අපි හිටපු පැත්තට ලන් වෙන්න ගත්තා. ඒ හෙවනැල්ල දිහා බලන් හිටපු මට දැනුනෙ මගේ නලල දිගේ දාඩිය බින්දු පොලිමට පහලට බේරෙනව වගේ..... ටිකෙන් ටික හෙවනැල්ල ජිමින් වාඩි වෙල්ල හිටපු පුටුවට ලන් වෙද්දි කොල්ල දඩි බිඩි ගාල නැඟිට්ට. ජිමින් ගෙ මූනෙන් පෙනුනෙ කෑ ගහ ගන්න ඕන උනත් බෑ වගේ පෙනුමක්. මගෙ හිතෙත් තිබුනෙ ඒ වගේ හැඟීමක්........ මට කියන්න ඕනෙ උනා එයා ඇවිත් කියල. එයා මෙතන කියල........... ඒත් ............ මට බෑ දෙයියනේ........

"මිස්ට ජිමින්.........
මිස්ටර් පාර්ක් ජිමින්.."
මමයි ජිමිනයි දෙන්නම ගැස්සිලා ගියේ ජන්ග් ගියුන්ගෙ කටේ සද්දෙට....... ගැස්සුනා කියන්නෙ ජිමිනගෙ අතේ තිබ්බ වතුර බෝතලේ බිම වැටුනෙ වතුරත් හැමතැනම යන විදිහට.

"මියාන් මියාන්..... මගේ අ.. ත ලිස්සුව........ මියානේ......."
ජිමින් කලබලෙන් කියල ආපහු බැලුවෙ බිත්තිය පැත්ත. මාත් බැලුවෙ ඒ දිහා........ ඒත් දැන් එතන කිසි දෙයක් නෑ........

නම්ජුන් ජින් එක්ක ඒ කාමරේ ජන්ග් ගියුන් එක්ක කතා කර කර ඉද්දි අනිත් අය හැමෝම එලියට ආව. මම එලියෙ තිබුන පුටුවකින් වාඩි උනේ කකුල් දෙක පන නෑ වගේ දැනුන නිසා.... කොහෙදෝ ඉදලා දේව් ඇවිත් මගේ අත් දෙකෙන් අල්ලගෙනම මන් ලඟින් දණ ගහගත්තා.

"මෙච්චර දේවල් වෙලත් ඇයි උඹ මට වචනයක් වත් කිව්වෙ නැත්තෙ... උඹට මම පිට එකෙක්ද??"
දේව්ගෙ වචන මට දැනුනෙ පිහියෙන් අනිනව වගේ....... මම ටිකක් වෙලා එයා දිහා බලන් හිටියා.

Hanging Tree (Completed )Where stories live. Discover now