🚫 chapter 7 🚫

380 134 9
                                    

තීම් එක මොකද්ද කියල අපිට දැනුම් දීලා අදට දවස් පහක්..... තාමත් හරියට මොකද්ද කරන්නෙ කියල අපි තීරනේ කරල තිබුනෙ නෑ.

"ගායිස්......... කෝ මේ කට්ටිය......... "
මින් හෝ අපේ සෙක්ෂන් එකට ආවෙ කෑ ගහගෙන.

"මින් හෝ නයිස් ෂර්ට් ආ.............."
ජින් ඇහැකුත් ගහල කිව්ව විදිහට අපි හැමෝටම හිනා යන්න ආව.....කොල්ල ආවෙ මල් මල් ෂර්ට් එකක් ඇඳලා. මින් හෝ කියන්නෙ ගෑනු ලමයින්ට කැමති කෙනෙක් නෙමෙයි.......... ජින් නිතරම මෙයාව බයිට් එකට ගත්තා ඉතින්.

" කෝ කට්ටියම එන්න........ අද අපි මීටින් එකක් තියන්න ඕනෙ. ඔයාලා ගේම් එකට ලෑස්ති වෙලා ඉන්නෙ මොන විදිහටද කියල උඩින් අහනව. දන්නවනෙ ලමයි ඔයාලගෙ වැඩ ගැන මම උඩ ඉන්න අයට උත්තර දෙන්න ඕනෙ කියල."
මින් හෝ කිව්වෙ ලතාවකට අත පද්ද පද්ද....

විනාඩි පහක් යන්නත් කලින් අපි හැමෝම ගිහින් වාඩි උනේ මීටින් රූම් එකේ. මින් හෝ දැනගෙන නොහිටියට මොකද මේ දවස් ටිකට අපි හොල්මන් එක්ස්පර්ට් ල වෙලා හිටියෙ.

"හරි මේකයි මින් හෝ අපි මේ දවස් වල හොල්මන් ගෙවල් ඔය ගැන තියෙන කතා ගැන රිසර්ච් එකක් කර කර හිටියෙ. අපි හිතුවෙ ඇත්තටම ඔය වගේ කතාවක් තියෙන තැනක් ගේම් එකට ගන්න."
නම්ජුන් අපි මේ දවස් ටිකේ කරපු ටික කෙටියෙන් පැහැදිලි කලා.

"හ්ම්...... නයිස්...... ඉතින් දැන් ඔයාල මොනාද ඔය වගේ තැනක් අරගෙන කරන්න යන්නෙ?"
මින් හෝ සන්සුන් විදිහට අහපු විදිහෙන් කියන්න පුලුවන් අද එයාගෙ මූඩ් එක හොඳයි කියල.
මින් හෝ ගෙ මූඩ් එක හොඳයි කියන්නෙ එයා අද අපි කියන හැමදේම රිජෙක්ට් කරන්නෙ නෑ.

"අපි දැනට හිතුව විදිහට ..... හොල්මනක් ඉන්නව එය කට්ටියව මරන්න යනව..... ඒත් හොල්මනෙන් බේරෙන එක තමයි ඔයා කරන්න ඕනෙ.... සරලව තාම එච්චරයි. අපිට පූලුවන් නන් ගෲප් එකක් විදිහට කට්ටියට මේක ඔන්ලයින් කරන්න දෙන්න යන්ග් ජෙනරේශන් එක මේකට කැමති වෙයි."
ජින් සුපුරුදු විදිහට නම්ජුන්ට උදව් කලා.

"හ්ම්....... හරි දැනට ඔයාල හොයාගෙන තියෙන්නෙ මොනාද? ලොකේශන්ස් හරි ස්ටෝරි එකක් හරි තෝරගෙනද තියෙන්නෙ...."

Hanging Tree (Completed )Where stories live. Discover now