සෙමීගෙ මරණෙත් එක්ක අපේ හිත් වලට මරණ බය කියන එක දැනෙන එක තවත් වැඩි උනා. පහුවදා උදෙන්ම කට්ටියම නැඟිට්ටත් හැම කෙනාටම ඒ ගෙදරට යන එක ගැන ප්‍රශ්නයක් තිබුන. ඇත්තටම අපි හැමෝටම හිතුනෙ තමන් තමයි ඊලඟට මැරෙන්නෙ කියල.
අපි හැමෝම වාඩි වෙලා තිබුනෙ ඒ හොටෙල් එකේ තිබුන පොඩි රෙස්ටොරන්ට් එකක. හැම කෙනාගෙම කෑම පිඟන් වල තිබුන කෑම එහෙම්මම තිබුන. කිසි කෙනෙක් එක කටක් වත් කාල තිබුනෙ නෑ. මමත් හිටියෙ සුෂී එකකට චොප්ස්ටික් එකෙන් ඇන ඇන.....
"අපි මොකද කරන්නෙ .........? ආපහු යනවද?"
කුකී අහද්දි හැමෝම මූනට මූන බලා ගත්තා.හැමෝටම සෙමීගෙ ෆියුනරල් එකට යන්න ඕන උනත් අපිට මේ ප්‍රශ්නෙ විසදගන්න වෙලාව තිබුනෙ හෙට රෑ වෙනකන් විතරයි.
"දැන් අපි ගියා කියල සෙමීට පන එන්නෙ නෑ..."
සුගා කිව්වෙ ඇහෙන නෑහෙන ගානට.කිසි කෙනෙක් වචනයක් කිව්වෙ නෑ.
කාලය ගෙවෙන්නෙ හරිම හෙමින් වගෙයි දැන්නෙ. විනාඩියක් ගෙවෙන්න යන වෙලාවත් අපිට දැනුනෙ පැයක් වගේ.මම හුස්මක් අරගෙන රෙස්ටොරන්ට් එක වටේ ටිකක් බැලුවෙ තවත් කවුද ඉන්නෙ කියල බලන්න.... වටේට දිව්ව මගේ ඇස් නතර උනේ හුරුපුරුදු මූනක දැක්ක නිසා......... ඒ.........ඒ........... අර ගෑනු ලමය...... ඊයේ පාර අයිනෙ හන්බොක් එකක් ඇදගෙන හිටපු කෙල්ල. මගේ අතින් චොප්ස් ටික් දෙක මේසෙ උඩට වැටුනෙ පිඟානෙත් වැදිලා......
"ජනා............... ජනා............."
මම ගැස්සිලා ආපහු බැලුවෙ කුකී කතා කරපු නිසා.....
කුකී විතරක් නෙමෙයි හැම කෙනාම බලන් හිටියෙ මගේ දිහා.... මම ආපහු බැලුවෙ ඒ ගෑනු ලමය දිහා.... ඒත් එයා එතන හිටියෙ නැ. ඒ වෙනුවට ඒ ගෑනු ලමය හිටියෙ පඩිපෙල ලග. එයා මන් දිහා ටිකක් වෙලා බලන් ඉඳල පඩිපෙලදිගේ බැහැල යන්න ගියා......"ජනා මොකද..?"
මගේ එහා පැත්තෙන් වාඩි වෙලා හිටපු ටේ ඇහුවෙ මාව අතින් ඇද ඇද හොලවන ගමන්..."ගෑනු ලමයෙක් හිටියා...... එයා ගියා....."
මම කියද්දි හැමෝම මූනට මූන බලාගත්තා.... ඒත් එක්ක හැමෝගෙම අවධානෙ වෙනස් උනේ නම්ජුනාගෙ ෆෝන් එක රින්ග්ස් යන්න පටන් ගත්ත නිසා.......
YOU ARE READING
Hanging Tree (Completed )
Horrorටිකෙන් ටික සීතල වැඩි උනේ හිතා ගන්න බැරි විදිහට. ලංකාවෙ එච්චර සීතල නැති දේශ ගුනේක ජීවත් උන මට මෙහෙ හැමතිස්සෙම දැනුනෙ සීතල විතරයි. මුලදි ඒ කොරියාවෙ දේශගුනේ පුරුදු නැති නිසා කියල හිතුනත් දැන් මට තේරෙනව මෙහෙ මොකක් හරි දෙයක් තියෙනව කියල. බාත් ටබ් එකෙන...