🚫 chapter 5 🚫

405 130 13
                                    

එක පාරටම දොර ඇරගෙන ඇතුලට ආපු මනුස්සය දිහා අපි හැමෝම හැරිල බැලුව. ජුන් නැඟිටල ගිහින් ඒ කෙනාට අතට අත දුන්න. පේන විදිහට නන් ජුන් එයාව දන්නව වගේ......... ටිකක් වෙලා ජුන් එක්ක කතා කරපු ඒ මනුස්සයි තවත් කෙනෙකුයි ඇතුලට ඇවිත් අපිත් එක්කම බිමින් වාඩි උනා.

"අන්‍යොංහාසේයෝ......... මම ලුතිනන් ජන්ග් ගී යුන් එතකොට මේ ලී සෝහා මගේ දෙවනියා.........මිස්ට ජන්ග් හේසොක්ගෙ කේස් එක ගැන ඉවෙස්ටිගේෂන් එක බාර මට"
ඒ කෙනා කියද්දි අපි හැමෝම මූනට මූන බලා ගත්තා.

අපේ කෙනෙක් මැරෙන හැම වෙලාවකම මේ වගේ ඉන්වෙස්ටිගේෂන්ස් වලට අපිට පැටලෙන්න සිද්ධ උනා. ඒත් ඒ ව කරපු කිසිම කෙනෙක්ට වෙන දේවල් තේරුම් ගන්න බැරි උනා.

" මට ඔයාලත් එක්ක මේ දේවල් ගැන ටිකක් කතා කරන්න ඕනෙ. මම දන්නව අද ඒකට හොඳ දවසක් නෙමෙයි කියල. "
ගියුන් කියන දේවල්  අපි හැමෝම අහගෙන හිටියෙ. මම බැලුවෙ දේව්ගෙ මූන දිහා......... මම දන්නව දැන් මෙයා බලන ඇති සුයිසයිඩ් කේස් එහෙකට මොකටද මෙච්චර දඟලන්නෙ කියල.

"අපිට ප්‍රශ්නයක් නෑ මිස්ට ජන්ග්. ඔයාට ලේසි වෙලාවක් කියන්න අපි එන්නන්..."
නම්ජුන් පුරුදු විදිහටම අපි හැමෝම වෙනුවෙන් කතා කලා.

"අම්........ මේ කුණාටුව ඉවර උන ගමන් මමයි මගෙ යාලුවයි ආපහු යනව... ඉතින් කරන දෙයක් ටිකක් ඉක්මනට කරන්න."
මම මැද්දෙන් පැන්නෙ මේ දේවල් නිසා මට මෙහෙ හිර වෙන්න වෙයි කියල බය හිතුන නිසා.

"ප්‍රශ්නයක් නෑ මිස් ජනා..... ඔයාලට පුලුවන් නන් හෙට සෝල් පොලිස් ස්ටේෂන් එකට එන්න..."
මේ මනුස්සය මගෙ නමත් දන්නවද??????????

අපි හැමෝම මූනට මූන බැලුවෙ හා කියනවද කියල. ජින් අපි හැමෝගෙම මූනු ටික දිහා පිලිවෙලට බලාගෙන ගියා. කිසි කෙනෙක් බෑ කියල කිව්වෙ නෑ.

"හරි අපි හෙට එන්නන්........ කීයට විතර වගේද එන්න ඕනෙ?"
ජින් ඇහුවෙ අපි හැමෝටම අහන්න ඕන උන දේ......

"ම්....... උදේ අටට විතර......."

"හා........"

.
.
.
.
.
.
.
.
.
.
.
.

හවස් වෙද්දි හොබීගෙ අලු ටික එයාලගෙ පවුලෙ සොහොන් ලඟින් වැලලුව. රවුමට හදල තිබුනු සොහොනෙ ඉස්සරහින් ජන්ග් හේසොක් කියල නම ගහපු ගලක් තිබුන...... මම, කුකී, ජින්, නම්ජුන්, ටේ, ජිමී, සුගා, රෝස්, සෙමී අපි කට්ටියම පෝලිමට සුදු ක්‍රිසැන්තියම් මල ගානෙ සොහොන ලඟින් තිබ්බ........ සුගා හිටියෙ ගොඩක් දුකෙන් මොකද හොබී කියන්නෙ එයාගෙ ඉස්කෝලෙ කාලෙ ඉදලම හිටිය හොඳම යාලුව. අපි හැමෝම එක්කෙනා එක්කෙනා ගානෙ සොහොන ලඟින් ආවා..... වාහන ලඟට වෙලා අපි බලන් හිටියෙ සුගා එනකන්.... දුර ඈතට පෙනුනු හොබීගෙ සොහොන ලඟට වෙලා දන ගහගෙන සුගා අඬනව. අපි කාටවත් එයාට කරදර කරන්න ඕන උනේ නෑ.....

Hanging Tree (Completed )Donde viven las historias. Descúbrelo ahora