🚫chapter 15🚫

305 125 4
                                    

අපි හැමෝම හිටියෙ මින් හෝලගෙ ගෙදර මිදුලට වෙලා. අපි ලඟම මින් හෝ ගෙ අම්ම බිම වාඩිවෙලා හොදටම අඬනව.  ගේට්ටුවෙන් තාප්පෙන් සැරින්සැරේට එබෙන මිනිස්සු ඇරුනහම පොලිසියෙ දෙතුන් දෙනෙක් හිටියා.  පොලිස් ඔෆිස කෙනෙක් පොතකුත් උස්සන් ආවෙ බිම වාඩිවෙලා අඬ අඬ ඉන්න මින් හෝගෙ අම්ම ලඟට.

"ආජුම්මා.......... ආජුම්මා........... අපිට කට උත්තරයක් ගන්න ඕනෙ...... ආජුම්මා............"
පොලිස් ඔෆිස කොච්චර කතා කලත් මින් හෝගෙ අම්ම අඬන එක නතර කලේ නෑ. කතා කලෙත් නෑ. තමන්ගෙ එකම පුතා තමන්ගෙ ඇස් පණාපිට බෙල්ලෙ වැල දාගනිද්දි අසරණ විදිහට බලන් ඉන්න සිද්ද උන එක එයාගෙ හිතට තදිම්ම දැනිල තිබුන. ඇත්තටම ඉතින් මොන ආම්මටද එහෙම දෙයක් දරාගන්න පුලුවන්.

අපි හිටපු තැනට එක පාරටම ආවෙ මින් හෝගෙ අක්ක.
"ඔෆිස මගෙ ඔම්ම දැන් ඉන්නෙ කතා කරන්න පුලුවන් තත්වෙක නෙමෙයි. මම පස්සෙ ඔම්මව පොලිසියට එක්ක එන්නන්."

"ආහ්.......... හරි මට තේරෙනව....... එහෙනන් ඔයාට පුලුවන්ද අද සිද්ද උන දේ ගැන අපිට විස්තර කරන්න.??"

ඒ පොලිස් ඔෆිස අහද්දි අක්ක බිම බලන් හිටියා. අපි හැමෝම එයා දිහා බලන් හිටියා. මොකද සිද්ද උන දේ මොකද්ද කියල අපිත් හරියට දන්නෙ නෑ.

" එයා මේ දවස් ටිකේම මොකකට හරි බය වෙලා හිටියේ."

"ඇයි එයාට කාගෙන  හරි තර්ජන තිබුනද??"

"නෑ එහෙමම නෑ......... එයා එහෙම ප්‍රශ්න වලට පැටලෙන කෙනෙක් නෙමෙයි. ඒත් මේ ලඟදි එයා වැඩ කරපු තැන කෙනෙක් සුයිසයිඩ් කරගත්තා. එදා ඉඳල මල්ලි හිටියෙ බයෙන්. හරියට කවුරු හරි එයාගෙ පස්සෙන් පන්නනව වගේ. ගේ ඇතුලෙදිත් සමහර වෙලාවට එයා බය වෙලා කෑ ගැහුව. අද උදේ ඉඳලම එයා හිටියේ කාමරේටම වෙලා. එලියට ආවෙ නෑ කන්නවත්. එක පාරටම එයා දොර ඇරගෙන එලියට දිව්ව මහ අමුතු සින්දුවක් කිය කිය."

අක්ක අන්තිමට කියපු දේ ඇහුනහම අපි හැමෝම එක්කෙනාට එක්කෙනාගෙ මූනු දිහා බැලුවෙ දැන් හොල්මනක් දැක්ක වගේ....

" මොකද්ද ඒ සින්දුව??"
පොලිස් ඔෆිස අහද්දි අක්ක ටිකක් කල්පනා කරා....

Hanging Tree (Completed )Where stories live. Discover now