🚫 chapter 4 🚫

443 155 12
                                    

රට :- කොරියාව
කාලය :- සිදුවීමෙන් වසරකට පසු.......
ස්ථානය :- දොන්හො සෙමෙට්‍රි එක.....

පැයෙන් පැයේ කුණාටුව තවත් දරුණු උනා. කැබ් එකේ ෂටර් එකෙන් එලිය බලාගෙන හිටපු මට නින්ද ගියේ මොන වෙලාවෙද කියල මතක නෑ.

"ජනා නැගිටපන් ........ නැගිටපන් අපි ආවා...."
දේව් මගේ උරෙස්සෙන් හෙලෙව්ව. ඊයේ රෑ හරියට නිදාගන්න බැරි උන මම හිටියෙ තද නින්දක. ඇස් අරින්න බෑ කියල හිත කෑ ගහද්දි මම ඇස් ඇරිය. තනි කලු ගවුමක් ඇඳල දේව් හිටියෙ මගේ එහා පැත්තෙන්මයි.

"නැඟිටපන් අපි සෙමෙට්‍රි එකට ආව."

දේව් කියද්දි තමයි මට මතක් උනේ අපි දැන් කොහෙද ඉන්නෙ කියලා. අපි දෙන්න පිටත් උනේ හොබීගේ ෆියුනරල් එකට. මම එහෙම්මම ඉද්දි දේව් කුඩේකුත් අරගෙන අනිත් පැත්තෙන් බැස්ස. ලොකුම ලොකු වතුර බිංදු අහසින් වැටෙන්නෙ තරඟෙකට වගේ. දේව් ඇවිත් කුඩෙත් ඉහලගෙන කැබ් එකේ දොර ඇරිය. මම දේව් දිහා බලාගෙන හිටියෙ දැන් මාත් බහින්න ඕනෙද කියල අහන්න වගේ. ඇත්තටම මට බහින්න ඕනෙ නෑ.

"බැහැපන් බන් හයියෙන් වහිනව. "

දේව් කුඩෙත් ඉහලන් කෑ ගහනව. කරන්න දෙයක් නෑ. මාත් බැස්ස.  ෆියුනරල් හෝල් එක ඇතුලට යද්දි සමහරු හැරි හැරි මම දිහා බැලුව. කාලෙකට කලින් අපිට උන දේ ඔෆිස් එකේ ටික දෙනෙක් දැනගෙන හිටිය. සුදු ක්‍රිසැන්තියම් මල් වලින් සරසල තිබුනු එතන හොබී හරි ලස්සනට හිනාවෙලා ඉන්න පින්තූරයක් තියල තිබුන. එතනම දකුනු අත පැත්තෙන් හිටගෙන හිටියෙ හොබීගෙ අම්මයි අයියයි. අඬල අඬල රතු උන ඇස් වලින් මන් දිහා බලාගෙන හිටපු ඒ වයසක අම්ම ලඟට ගිහින් මම ආචාර කලා. මේ චාරිත්‍ර ගැන කිසි දෙයක් නොදන්නව උනත් දේව්ත් මන් පස්සෙන්ම ඇවිත් මම කරන දේම කලා. ඒ කාමරෙන් පිට වෙන්න කලින් මම ආපහු පාරක් බැලුවෙ හිනාවෙලා ඉන්න හොබී දිහා. මගේ ඇස් වලින් කඳුලු බේරෙද්දි දේව් මාවත් එක්කන් එතනින් එහාට ආව.

ෆියුනරල් එකට ආපු කට්ටිය පොඩි මේස වලට වට වෙලා කතා කරකර ඉන්නව. මාව අඳුර ගත්තු සමහරක් අය මට ආචාර කරද්දි මාත් ආචාර කලේ නොකර බැරි කමට. මට දැන් ඕනෙ මෙතනින් පැනල දුවන්න. ආපහු ....... ආපහු මිනිස්සු කියයි මට පිස්සු කියල.......

Hanging Tree (Completed )Where stories live. Discover now