"ғɪʀsᴛ ᴋɪss"🍃 ᶜʰᵃᵖᵗᵉʳ 6

92 13 14
                                    

ජියා තාම ඇවිත් වැඩි දවසක් නැති නිසා society එකක් හොයාගෙන නෑ. ඉතින් මේ period එක ජියාට free.

කලින් හිටපු ඉස්කෝලෙදී පවා ජියා කියන්නෙ කාත් එක්කවත් කතාවක් නැති කෙල්ලෙක් හැබැයි යාලුවො අතර එහෙම උනේ නෑ. කම්මැලිකමටත් එක්ක ගියෙ කවුරුත් නැති පාලු පැත්තකට. එතන ඉඳන් ground එක පෙනුනත් එතන ඉන්න කෙනෙක්ව ලේසියෙන් කාටවත් පේන්නෙ නෑ එතන තියෙන ලොකු ගස් නිසා.

ජියා එතනට ලංවෙද්දිම එයා දැක්කෙ කෙනෙක් ඒ ගහ යට ඉඳන් ඉන්නවා කියලා. හිමීට ගහ ලඟට ජියා ලංවුනේ එතන කවුද ඉන්නෙ කියලා දැනගන්න ඕන නිසා.

එතන හිටපු කෙනා දැකලා ජියාගෙ ඇස්දෙක පුදුම කරා. ඒ වෙන කෙනෙක් නෙවෙයි ජේකේ කියලා ජියාට අඳුරගන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ජේකේගෙ මූණ තරහින් රතුවෙලා, ඒ තරමටම ඇස් වලින් පුංචි කඳුලු බිංදු වැටෙනවා. මොනා උනත් ජේකේ ඉන්නෙ හිතේ කරදරයෙන් කියලා ජියාට තේරුනා. ජියා හිමීට ගිහින් ජේකේ ගාව බිමින් ඉඳගත්තා. ජියාව ජේකේ අඳුරගත්තත් එයාට තිබ්බ තරහට කටින් මුකුත් පිටකරේ නෑ.

ඉතින්... ඇයි ඔයා මෙතන තනියම.
විනාඩි ගානක නිහඩ බව බින්ඳේ ජියා..

ටික වෙලාවක් කතා නොකර හිටියත් ජේකේ පස්සෙ ජියාට උත්තර දෙන්න කට ඇරියා.
පොඩි ප්‍රශ්නයක්... තනියම ඉන්න ඕන උනාම මම මෙතනට එන්න කැමතියි.

ඔයා ගොඩක් තරහින් ඉන්නවා වගේ... මූණ රතුවෙලා අනිත් එක ඔයාගෙ වම් ඇහේ කඳුලු බිංදුවක් තියෙනවා.

ජේකේ ඉක්මනටම එයාගෙ ඇහේ තිබ්බ කඳුල අතින් පිහිදැම්මා.

කොල්ලෙක් අඬන එක ටිකක් අවුල් නේද???.

කවුද එහෙම කියන්නෙ?? ඕනම කෙනෙක් වෙලාවකට සංවේදී උනාම කඳුලක් වැටුන එකෙන් එයා දුර්වලයි කියලා අදහසක් වෙන්නෑ.

ඔයා කොහොමද කියන්නෙ මන් ඉන්නෙ තරහින් කියලා???.

මම අහලා තියෙනවා මුලින්ම කඳුලක් වැටෙන්නෙ දකුණු ඇහින් නම් ඒක සතුටු කඳුලක්. එහෙම නැත්නම් ඒක එක්කො දුකක් එක්කො තරහක් වෙන්න ඕන. ඒකයි මම එහෙම කිව්වෙ.

එක විනාඩියක තමන්ගෙ තරහ යාන්තම් අඩු උනා කියලා ජේකේට තේරුනා.
ජියා එයාගෙ අතේ තිබ්බ ear phone එකෙන් side එකක් ජේකේගෙ කනේ ගැහුවෙ ජේකේගෙ තරහ ටිකක් හරි අඩුකරන්න හිතාගෙන.
එකපාරටම ජියා දිහා බලපු ජේකේගෙ හිතට ආපු ප්‍රශ්නෙ ජියාගෙන් ජේකේ ඇහුවා.

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Tempat cerita menjadi hidup. Temukan sekarang