"sᴛᴀʀ ɴɪɢʜᴛ"🍃 ᶜʰᵃᵖᵗᵉʳ 8

52 10 3
                                    

හවස් වෙද්දි හැමෝම බිසී උන නිසා උදේ කියපු කතා වුනු දේවල් අමතක වෙලා කට්ටියම තම තමන්ගෙ වැඩ වල හිර වෙලා. කොල්ලො ටික හම්බෙන්න හිතාගෙන ජියා යන්නෙ එයාලගෙ පන්ති පැත්තට. 2nd Year එකේ හැම class එකකටම එබුනු කෙල්ල කාවවත් තාම දැක්කෙ නෑ. ආයෙ කොරිඩෝ එක දිගේ ඇවිදගෙන ගියපු කෙල්ල එකපාරටම දැක්කෙ යුන්වූ ව.

යා... යුන්වූ ඔප්පා...
ජියා වූ ලඟට ගියා.

ඔයා මොකද අපේ section එකේ කරන්නෙ?? ඒකත් දැන් ඉස්කෝලේ ඇරිලා.

යා... ඔයාලට මතක නැද්ද අද අපි යුගී ඔප්පා බලන්න යන්න හිටියෙ කියලා??

ආයිෂ්.. ඔයාට ජන්ග්කුක් කිව්වෙ නැද්ද??

මොකද්ද??? කිව්වෙ නෑ.

අද යන්න එන්න වෙන්නෑ කියලා අපි ඌට කිව්වා. ඒ වෙනුවට අද එයා රෑට අපි හම්බෙන්න එනවා කිව්වා.

අයියෝ... අපරාදෙ. මම ලියා බලන්න යන්න හිටියෙ..  ඒත්ඇයි අද යන්න බැරි??

මේකයි අද අපේ ඩැඩීගෙ company එකේ Business party එකක් තියෙනවා. අනිත් කට්ටියත් එනවා. මොකද එයාලගෙ families අපේ company එකේ Business partners ලා නිසා..

ආ.. එහෙමද.. හරි හරි ප්‍රශ්නයක් නෑ..

ඔයා පරිස්සමින් ගෙදර යන්න.. අන්යොන්ග්.
වූ phone එකෙ අතට ගන්න ගමන් ජියාගෙ ඔලුව අතගාලා කිව්වා..

Time passed....

ජියා බස් එකෙන් බැහැලා Apartment එකට ගියා. ඒ යද්දි දොර ඉස්සරහ චිට් එකක් එක්ක ලොකු box එකක් තිබ්බා. ජියා box එක අතට අරන් ගේ ඇතුලට ගියා.

Box එක හිමීට ඇරපු ජියා දැක්කෙ ඒක ඇතුලෙ තිබ්බ ලස්සන frock එකකුයි shouse දෙකකුයි.
ඒ දිහා පුදුමෙන් වගේ බලපු ජියා ඒත් එක්කම තිබ්බ චිට් එක කියවන්න අතට ගත්තා..

     ජියා...
               මේ frock එකයි shouse එව්වෙ මගේ bossගෙ wife ඔයාටමයි. ඔයා මේවා ඇඳගෙන Hill ville hotel එකට එන්න. Taxi එකක එන්න..
           
                                                                   අප්පා~

විනාඩි ගානක ජියා චිට් එක දිහා බලාගෙන කල්පනා කරේ ලෑස්තිවෙනවද නැද්ද කියලා. දවස් ගානකින් අප්පාව බලන්න බැරි උන නිසා ජියාගෙ හිත කිව්වෙම ලෑස්තවෙන්න කියලයි. වොෂ් එකක් දාගෙන ආපු ජියා පැය ගානක් අරන් ලස්සනට ලෑස්ති උනා. ලෑස්ති වෙලා ඉවර වෙලා ජියා පාරට ගිහින් taxi එකක් අරන් Hotel එකට යන්න පිටත් උනා..

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Unde poveștirile trăiesc. Descoperă acum