"ɪ ᴍɪss ʏᴏᴜ"🍃ᶜʰᵃᵖᵗᵉʳ 11

32 2 4
                                    

පැය තුනක් විතර ගියා ඒත් OR එක ඇතුලෙන් කිසිම සද්දයක් නෑ... කොල්ලො ටික තාම එතන වටවෙලා බලන් හිටියා... ටික වෙලාවකින් OR එකේ හිටපු ඩොක්ටර් එලියට ආවා... ඩොක්ටර් ආව ගමන් යුගී ගිහින් ඩොක්ටර් එක්ක කතා කරා...

ඩොක්ටර් ජියාගේ තත්වේ කොහොමද???

ඔපරේෂන් එක නම් හොදින් උනා ඒත් එයාගේ තත්වේ ටිකක් බරපතලයි... එයාගේ ඔලුවට තමා වැඩිපුරම හානි වෙලා තියෙන්නේ... ඒ නිසා එයා ෂොක් වෙලා... ඔයාලට එයාව වෝඩ් එකට දැම්මාම ගිහන් බලන්න පුලුවන් ඒත් එයාට කතාකරන්න යන්න එපා...

කොල්ලා ටික OR එකෙන් ජියාව එලියට ගන්නකම් එතන බලන් හිටියා... යුන්වු හිමීට ඔපරේෂන් එක කරපු ඩොක්ටර් ගාවට ගියා...

ඩොක්ටර්... මට දෙයක් දැගන්න පුලුවන්ද???

ඔව් අනිවාර්යයෙන්ම... මොකද්ද??

එයාගේ ඔලුවට හානි වෙලා කියන්නේ එයාගේ මතකෙට මොකක් හරි වෙන්න පුලුවන්ද???

සමහර විට ඒක වෙන්න පුලුවන්... ඒක ගැන විශ්වාසයක් තියන්න බෑ...

ඒ කියන්නේ ඩොක්ටර්...

සමහරවිට එයාගේ සම්පූර්ණ මතකේ නැතිවෙන්න පුලුවන්... එහෙම නැත්තන් එයා උවමනාවෙන් මතක තියන් ඉන්න මතක නැතිවෙන්න පුලුවන්...

ඩොක්ටර්ට තැන්ක් කරපු කොල්ලා ආයෙම අර මලානික මූණෙන් OR පැත්තට ඇවිද්දා...
සමහර විට.. එයාට මාව අමතක වෙයිද??? එයාට මාව අඳුරගන්න බැරි වෙයිද??? යුන්වූගේ හිත යුන්වූගෙන්ම ඇහුවා....

උබේ ඇග පුරාම ලේ... ගිහින් ඇදුම් මාරුකරගනින් අපි මෙතන ඉන්නවා නේ....

Mr.Kangට කෝල් කරන්න ඕන නේද?? මෙන්න මේකෙන් අරන් කියපන්...
යුගී කියපු කිසි දෙයක් කනකට ගත්ත නැති කොල්ලා තමන්ගේ phone එක ජේහියුන්ට දික් කරා... එහෙම්ම කොල්ලා ආයි OR එකට කෝල් කරා...

ටිකකින් ජියාව රූම් එකකට මාරු කලා... එතකොට ජියාගේ තාත්තත් හිටියේ කෙල්ල ලගින්මයි.... හැමෝම කෙල්ලව බලන්න ගියත් යුන්වූ කෙල්ල දිහා බැලුවේ වත් නෑ... යුන්වු දන්නවා කෙල්ල දිහා බලන බලන වාරයක් ගානේ එයාට දැනෙන දුක නවත්තන්න බෑ කියල... ඒ නිසාම හැමෝම යනකන් කොල්ලා දොර ගාව ඉදගෙන හිටියා...

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now