"ᴍɪsᴛᴀᴋᴇ"🍃 ᶜʰᵃᵖᵗᵉʳ 09

60 11 25
                                    


විනාඩි ගානක් තිස්සෙ Rooftop එකේ හිටපු කොල්ලයි කෙල්ලයි ආයෙ ගියෙ යාලුවො සෙට් එක ඉන්න table එක ගාවට.

මේ බලපන් කවුද ඇවිත් ඉන්නෙ කියලා (Eunwoo)

හෑ.. ජියා.. කෙල්ල මොකද මෙතන ??? (Yugyeom)

ඒකනම් මම දන්නෙත් නෑ. ඇත්තටම ඇයි මෙතන?? (Eunwoo)

ආහ්.. මගේ අප්පා තමයි එන්න කිව්වෙ. (Jia)

අප්පා?? නම මොකද්ද?? (Eunwoo)

Kang Daesung... (Jia)

හෑ... Mr. Kang ගෙ දුවද ඔයා??? (Eunwoo)

කවුද බන් ?? (Yugyeom)

ඇයි ඕයි secretary uncle මතක නැද්ද උඹට???(Eunwoo)

ආහ්... දැන් මතක් උනා...(Yugyeom)

හරි එහෙනන් කියෙව්වා මදෑ කමුද??? මූ විතරක් කනවා බලන් ඉදලා දැන් නම් මගේ බඩත් දඟලනවා වගේ..
බඩගින්න ඉවසගන්න බැරුව කෑ ගැහුවෙ ජේහියුන්..

කන්න ගෙනාපු කෑම සේරම ටික ගිලලා කොල්ලො ටික මහන්සියට එතනම පතබෑවුනා. ඉන්නෙ කොහෙද කියලා වත් දැන් මුන්ට සිහියක් නෑ.

යුන්වූ හිටපු විදියටම පුටුවෙන් ලස්සනට ඉදගත්තෙ කෙල්ල ඉන්න නිසා.

දැන් ටිකක් රෑවෙලා නේද?? මම යන්නම්.
එහෙම කියපු ජියා හිටපු සීට් එකෙන් නැගිට්ටා.

දැනටමත්?? තව ටිකක් ඉන්නවා.
නිදමතේ කියෙව්වෙ යුගී.

නෑ.. ඔප්පා මම දැන් යන්න ඕන Apartment එකට රෑවෙලා යන්න බෑ. ඒකයි.

මම ගිහින් දාන්නද ඔයාව???
යුන්වූ ඇහුවෙ ටිකක් රෑවෙලා නිසා.

අනේ.. එපා.. අද family event එකනෙ ඔයා ඉන්න මම taxi එකක යන්නම්.

මේ driver ඉද්දි මොකටද taxi එකක යන්නෙ යුන්වූ එක්කම යන්න.
යුගී ආයෙමත් නිදිමතේ කියවන්න ගත්තා.

Driver?? කවුද යකෝ?? ආයෙ මට කියන්න තියන්න එපා මම ජියාව දාලා එද්දි booking එක දාලා තියෙන key එක ඉල්ලගෙන තුන්දෙනා එක්ක room එකට යනවා.

යුන්වූ කෑ ගහලා ජැකට් එකත් අරන් කෙල්ල එක්ක එලියට ආවා. Office එකේම vehicle එකකට කෙල්ලව නග්ගපු කොල්ලා ජැකට් එක කෙල්ලට පෙරෙව්වෙ හරිම ආදරණීය විදියට. Driverට location එක කියපු කොල්ලා කෙල්ලට සමු දීලා ආයෙත් hotel එක ඇතුලට ඇවිත් හිටපු table එකෙන්ම ඉදගත්තා.

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now