"ᴛʜᴀɴᴋ ʏᴏᴜ"🍃 ᶜʰᵃᵖᵗᵉʳ 7

66 13 12
                                    

නොහිතපු වෙලාවක අහම්බෙන් ජියාගෙ තොල් වූගෙ තොල් උඩ නතර උනේ ජියාගෙ පලවෙනි කිස් එක හොරකම් කරන ගමන්...

වෙච්ච කිසිදෙයක් හිතාගන්න බැරි උනු ජියා තාමත් බලන් ඉන්නෙ වූගෙ මූණ දිහා. වෙච්ච කිසි දෙයක් වූට මතක තියෙන්න විදියක් නෑ කියලා ජියා හොඳටම දන්නවා.

වූගෙ අත හිමීට තමන්ගෙ ඉනෙන් අයින් කරපු කෙල්ල වූ ලගින් එහාට උනේ අතින් තමන්ගෙ තොල් දෙක අල්ල ගන්න ගමන්මයි....

කොච්චර රෑ වෙලා උනත් නින්දක් අහල පහල තිබුනෙ නැති කෙල්ල ගියෙ බැල්කනී එකට...

ටික වෙලාවක් එතන හිටපු කෙල්ල හැරිලා බැලුවෙ කකුල් අඩි සද්දෙට... ඒ වෙලාවේ බැල්කනී එකට ආවෙ ජන්ග්කුක්... කෙල්ල ලගට ඇවිත් හිටගත්ත කොල්ලා ටික වෙලාවක් යනකන් සද්ද නොකර බලන් හිටියෙ හඳ හොඳට පායලා තියෙන ඈත අහස දිහා... ටික වෙලාවකින් ජන්කුක් කතාකලා..

එදා මම ඇඩුවෙ ඇයි කියලා ඔයාට දැන ගන්න ඕන නැද්ද???

ඒක ඔයාගෙ පෞද්ගලික දෙයක් එහෙම නෙවෙයිද???

ඔයා හරී... ඒත් මම හිතන්නෙ... ඔයා එක්ක මම කතාකරාට පස්සෙ මගේ දුක ටිකක් හරි අඩුකරන්න උනා කියලා... ඒ නිසා මම කැමතියි මගේ ප්‍රශ්නෙ ඔයා එක්ක බෙදාගන්න...

ඔයාට කියන්න පුලුවන් මන් අහන් ඉන්නෙ....

එහෙම කියලා කතාව පටන් ගත්තෙ ජන්ග්කුක්...

ඔයා දන්නවා ඇතිනේ මම JUNGJAY COMPANY Owner ගෙ පුතා කියලා.. ඉතින් මම මගේ ඩැඩීගේ රූකඩයක් විතරයි.. සල්ලි තිබ්බට මට කියලා කැමති කිසි දෙයක් කරන්න බෑ.. මම අද වෙනකන් මගේ මමීව දැකලා නෑ.. මම මොන වගේ පුතෙක් ද?? මගේ මමීට මොකද උනේ කියලා අහන්න මට ශක්තියක් නෑ.. මගේ හියුන් Jang JaeYang. මම කොච්චර එයාට ආදරේ කරත් මගේ හියුන්ට පේන්නෙ මම එයාගෙ property හොරෙක් වගේ.. මට කවදාවත් මගේ හියුන්ගෙයි ඩැඩීගෙයි වැඩ වලට ඇගිලි ගහන්න ඕන උනේ නෑ ජියා...

ජන්ග්කුක් කතාව කිව්වට වඩා වේගෙන් කරේ අඩපු එක.. ජන්ග්කුක් ලගට කිට්ටුවුන කෙල්ල හිමීට කොල්ලගෙ ඔලුව අතගෑවෙ කොල්ලගෙ හිත සනසන්න හිතාගෙනයි..

𝙰𝚄𝚃𝚄𝙼𝙽 𝙵𝙻𝙾𝚆𝙴𝚁🍂Where stories live. Discover now