5.ලැබීම් 🤗

176 32 10
                                    

ඔයාලා මගේ කතාව හරියටම කියෙවුවා නම් මේ වෙනකොට නෝට් කරලා තියෙන්න ඕනේ මන් Titled එකෙන් කතාව ගැන පොඩි ඉගියක් දෙනවා කියලා. ඔයාලා මගෙන් update එක ඉල්ලා තිබ්බ නිසා කොච්චර මහන්සි තිබ්බත් මන් අද දෙන්න හිතුවා. පාන්දර වගේ තමා අද ඉදලා මට ගොඩක් වෙලාවට ඔයාලට update එක දෙන්න වෙන්නේ. sorry ළමයි එකට 🥺🥺🙏🏻🙏🏻

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

අලුත් ළමයි දෙන්නා ස්කෝලෙට ඇවිත් දැන් මාස 5ක් ගෙවුනා. මේ මාස 5හේදී කිසිම දෙයක් නොවෙන්නේ නැතුව සතුටින් ගෙවුනා කියන්න තිබ්බා නම් මන් ආසයි. ඒත් කොහෙද මගේ ජිවිතේ කවදාවත් ලේසි එකක් උනෙත් නැ, සතුටින් ඉන්න ලැබුනෙත් නැ.😔😔

මේ මාස 5 ඇතුළතදී මගේ වගේම මන් වටේ හිටපු අයගේත් ජිවිත ගොඩක් වෙනස් උනා. ඔයාලා හිතනවා ඇති මට ප්‍රශ්න තිබ්බේ ස්කොලේ විතරයි කියලා. ගෙදර ප්‍රශ්න දැන් විසදිලා කියලා. ඒත් හරියට බැලුවොත් එකේ අනිත් පැත්ත තමා මට උනේ.🙃🙃

මල්ලි එයාගේ ඔත්තුකාරයෝ කොහේ දාලද නම් දන්නේ නැ ඒත් මීට අවුරුදු 2කට කලින් උන සොජෝ ඔප්පාගේ සිද්දිය මේ මාස 5 පටන් ගද්දිම එලියට අවා. මගේ ස්කොලේ වෙන දේවල් අම්මලාට දැන ගන්න ඕනේ උනේ නැ වගේම මට ඒ දේවල් කියන්න ඕනේ උනෙත් නැ. ඒ නිසා සොජෝ ඔප්පාගේ සිද්දිය අම්මලා දැනගෙන හිටියේ නෑ. ඒත් මගේ ආදරණීය මල්ලිට පිං සිද්ද වෙන්න අම්මලා එක දැන ගත්තා.😕😕

ඒකෙන් පස්සේ අම්මලා එක්ක තිබුන අන්තිම බැදීමත් ගොඩක් දුරට පළුදු උනා කිවුවොත් වැරදි නැ. මල්ලි අම්මලාට කිවුව විදිහට මන් සොජෝ ඔප්පාගේ පස්සෙන් ගිහින් බලෙන්ම කැමති වෙන්න අහලා එයා බැ කිවුව නිසා මන් කම්මුලට ගැහුවා කියලා. මේ දේ නිසා අම්මලාට මන් ගැන තිබ්බ විශ්වාසය නැත්තටම නැති උනා.😪😪

😪😪

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now