#Feelings#

146 23 2
                                    


"If you can't feel a feelings of others, you will fail your life exam"❣️❣️

මන් හිතනවා මම ඔයාලට දුන්න යූන්හාගේ වගේම අනිත් අයෙගේ feelings ඔයාලට අමතක වෙන එකක් නැ කියලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මන් හිතනවා මම ඔයාලට දුන්න යූන්හාගේ වගේම අනිත් අයෙගේ feelings ඔයාලට අමතක වෙන එකක් නැ කියලා. මේ කතාවේ හැම චරිතයක්ම මන් මේ වෙනකොට කවුද කියලා ඉවරයි (ප්‍රධාන අය). මේ part එකෙන් මට ඔයාලට ජිවිතේට දෙයක් කියන්න ඕනේ නිසයි දාන්න හිතුවේ.

යූන්හා වගේම මියා කියන්නේ ඇත්තම 2ක්. නම් වගේම සමහර දේවල් කතාවට අනුව වෙනස් උනාට මෙයාලා 2න්නා ඇත්තටම ඉන්න 2ක්. මන් කතාවෙන් පිට පැනලා එයාලගේ ඇත්තටම ජිවිතේ කොටස් ටිකක් තමා කියන්න යන්නේ.....

යූන්හාට හොද පවුල් ජිවිතයක් තිබ්බා. අම්මා තාත්තා එයාට කිසි අඩුවක් කරේ නැ. කියපු ගමන් බැරි උනත් පුළුවන් වෙලාවට ඕනේ කියන හැමදේම ගෙනත් දුන්නා. එයාලා හිතුවේ තමන් මේ කරන දේවල් වලින් යූන්හාට වගේම එයාගේ මල්ලිට ආදරේ ලැබෙනවා කියලා. ඒත් යූන්හාට ඕනේ වෙලා තිබ්බ ආදරේ ඒක නෙමේ. එයාට ඕනේ උනේ අම්මා තාත්තා ලග ඉදගෙන එයාලා එක්ක කතා කරන්න අනිත් ළමයින්ට වගේ තමන්ගේ දෙමවුපියෝත් තමන්ට ආදරෙන් කතා කරලා තමන් එක්ක කාලය ගත කරනවට කැමති උනා.

ඒත් යූන්හාට ඒ ආදරේ ලැබුනේ නැ. යූන්හාගේ දෙමාපියෝ යූන්හාට ආදරේ දුන්න විදිහ වැරදි වගේම යූන්හා ලැබෙන ආදරේ විදින්න අකමැති උන එකත් වැරදි. ඒ නිසාම යූන්හා ජිවිත කාලය පුරාම ආදරේට බයයි. තව දුරටත් ඒක එහෙමමයි. එයාට කොච්චර ආදරේ ලැබුනත් එයා ඒ ආදරේ නැතිවෙයි කියන බය නිසා අදටත් ඒ ආදරේ පිළිගන්න පැකිලෙනවා. (ආදරේ විවිධ පැති තියෙනවා)

Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now