🌹3 කොටස🌹

908 149 31
                                    

පෙර කොටසින් 👇
ජානුත් clz ඉවරවෙලා ගෙදර එන ගමන් ශෝට් කට් එකට දැම්මෙ ලේසි නිසා.town එකේ traffic එක වැඩි නිසා ගොඩක් වෙලා බලන් ඉඳලා බෝට දැන් ඇතිවෙලා හිටියෙ.
මේ ඇකඩමි එක ලඟ පාරෙන් ගියානන් මට එහා පාරට යන්න ලේසි. එහෙම හිතලා ඒ පාරට වාහනේ හරවපු බෝ වැඩිය වාහත් නැති නිසා ටිකක් speed drive 🚘 කරා. ටික දුරක් යද්දි එකපාරටම වුනේ නොහිතපු දෙයක්. 😐

🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗🎗

එකපාරටම හරස් පාරකින් මතුවුන ජාන් බෝගෙ වාහනේ හැප්පුනා.එකපාරට මොකද්ද වුනේ කියලා හිතාගන්න බැරි වුන බෝ කලබලයෙන් බැහැලා බැලුවෙ ඇක්සිඩන්ට් වුනේ කවුද කියලා. ජාන් ඒ වෙද්දිත් හිටියෙ බිම. පොඩ්ඩයි තුවාල හොඳේ බයවෙන්නෙපා.....

🐰: යා යා... තමුන්
එතකොටයි බෝ හරියට මූණ දැක්කෙ බෝව පිච්චිලා ගියා ඒ ඉන්නෙ ජාන් කියලා දැක්කම.
🦁: ඔහ් ශිට්... I am really sorry ඉන්න මං ඔයාව නැගිට්ටවන්න. තුවාලයක් නෑ නේද?
🐰: තුවාලයක් නෑ නේද තමයි අහන ලස්සන 😤 අනේ.... මට නැගිටගන්නත් බෑ...

එතකොටමයි බෝ දැක්කෙ ජාන්ගෙ යටි තොලෙන් ලේ එනවා. ජාන්ගෙ තොල පැලිලා ලේ එනවා. තව දණිස්සත් තුවාල වෙලා. බෝට ඇත්තටම මේක දරාගන්න බැරි වුනා. බෝගෙ ඇස් වලට කඳුලු ආවෙ නොදැනීම. ඇස් වල කඳුලුත් පුරෝගෙන එයාගෙ කරට ජාන්ගෙ එක අතක් දාලා ජාන්ව හරහට උස්සගත්තා. ජාන් බෝගෙ කරවටේ අත් දෙක දාගෙන බයවෙලා බලාගෙන හිටියෙ වෙන මුකුත් හිතාගන්න බැරුව. බෝ කා එකේ පිටිපස්සෙ දොර ඇරලා ජාන්ව සීට් එකෙන් ඉන්දුවා.

🐰: යා යා මේ මොකද මේ කරන්නෙ විකාරද මට යන්න දෙන්න 😤

බෝ ජාන්ගෙ තොල්වලට ඇඟිල්ල තිබ්බා. ඒ වෙලාවෙ බෝගෙ ඇස්වල තිබ්බෙ ලොකු අසරණ බවක්.

🦁: ශ්.....🤫 plz..... යන්න හදන්නෙපා පොඩ්ඩක් ඔහොම ඉන්න. මට බැ ඔයාට රිද්දලා බලන් ඉන්න.🥺

එහෙම කියද්දි බෝගෙ ඇස් වලින් එයාටත් නොදැනීම කඳුලු බේරුනා. 😢 ජාන් හිටියෙ බෝගෙ මේ හැසිරීම දැකලා පුදුමයෙන්. එහෙම කියලා බෝ අතින් කඳුලුත් පිහිද ගෙන කා එකේ ඉස්සරහට ගිහින් ජාන්ගෙ බයිසිකලේ කෙලින් කරලා පැත්තකට කරා. ඊටපස්සෙ කා එක ස්ටාට් කරලා පාර අයිනට කරලා නවත්තලා. වාහනේ කැබියෙ තිබ්බ පොඩි ෆස්ටේඩ් බොක්ස්  එක අරගෙන ඇවිල්ලා අනිත් පැත්තෙ පිටිපස්සෙ දොර ඇරලා වාඩි වුනා. මේ සේරම දිහා ජාන් බලන් හිටියෙ මුකතුත් හිතාගන්න බැරුව. බෝගෙ කඳුලු දැක්කම ජාන්ට බෝත් එක්ක තිබ්බ තරහා ඉබේටම නැතිවෙලා ගියා. ඒ කඳලු ජාන්ගෙ පපුවට ගෙනාවෙ සියුම් වේදනාවක්.😔

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now