🌹11 කොටස🌹

714 131 16
                                    

පෙර කොටසින් 👇
පහලට ගිහින් බනි දිහා හැරි හැරී බල බල යනගමන් flying kiss දිදී, car එකේ නැගලා ගෙදර ගියා.

💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

බෝ ගියාට පස්සෙ බනි ආවෙ නිදාගන්න, ඒත් බනිට මතක් වෙන්නෙ බෝගෙ දඟකාර වැඩයි,හුරතලෙයි. " එයා මං හිතුවට වඩා රොමැන්ටික්නෙ" එහෙම කිව්වෙ අත් දෙකෙන් මූණ වහගන්න ගමන් 🙈 " අයියෝ මට පිස්සු වගේ අප්පා....", බෝටත් ඉතින් ඒ විදියටම තමා බනි දීපු කිස් එක ගැනමයි මතක් වුනේ, ඒ කිස් එක ඉතින් බෝ රටක් රාජ්‍යක් ලැබුනා වගේ, නිදාගන්නවා කියලා බලෙන් ඇස් පියාගත්තත් දෙන්නට දෙන්නා දෙන්නගෙ හිත් වල හොල්මන් කරන එකනම් නැවතුනේ නෑ... කොහොම හරි දෙන්නටම නින්ද ගියේ පාන්දර වුනාට පස්සෙ 😍

කුරුල්ලන්ගේ මිහිරි කීචි බීචි නාදයක් සමඟ, නැවුම් හැඟුම් මල් ඵල දරන සුන්දර දවසක් උදා වුනා. වෙනදට කම්මැලි කමෙන් නැගිටින බෝ අද වෙනදටත් කලින්ම නැඟිටගෙන පපත් එක්ක ජොගින් යන්නත් ලෑස්තිවෙලා, ලෑස්තිවෙලා පහලට ආපු බෝ දිහා පපා බැලුවෙ පුදුමෙන්,

🦁: Good morning පපා .... Have a nice day
🧔: ඇ..... දරුවො මේ මොකද මේ කවදාවත් නැතුව
👵: පේනවා පේනවා ටික දවසක ඉඳන් හැමදාම nice day කියලා
ග්‍රැනී බෝගෙ අතට කිරි වීදුරුව දෙන ගමන් හිනාවෙලා එහෙම කිව්වා,
🦁: අයියෝ...... ඔච්චර පුදුම වෙන්න දෙයක් මොකද්ද අප්පා.... මං ආවෙ ජොගින් යන්නනෙ
🧔: කවදාවත් නැතුව අදම ආපු නිසානෙ ඇහුවෙ, හා හා යන් යන්,
පපා එහෙම කියන ගමන් හිනා වෙවී එලියට ගියා. බෝත් ග්‍රැනීට කිස් එකකුත් දීලා පපාගෙ පස්සෙන් ගියා.

🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

බනිත් උදේම නැගිටලා, වත්තෙ මල් වලට වතුර එහෙම දාලා,අම්මයි, තාත්තයි අද නැන්දව බලන්න යනවා කියපු නිසා නැන්දට ගෙනියන්න රසම රස සුප් එකකුත් හදලා. Wash දාන්න bathroom ගියේ සිංදුවකුත් මුමුණ මුමුණ. බෝ ජොගින් ගිහින් ඇවිත් ලෑස්ති වුනේ office යන්න, ලස්සන red colour trouser එකට, yellow colour shirt එකක් ඇඳලා , red tie එකක් දාලා, black shoes 👞 දෙකකුත් දාගෙන, trouser එකේම blazar එකත් දාගත්තා. එහෙම ඇඳගෙන පැය ගානක් mirro එක ඉස්සරහට වෙලා එක එක ස්ටයිල් වලට කොණ්ඩෙ හද හද ඉඳලා හරි ගියේ නැති තැන නෝමල් විදියට ජෙල් කරලා කොණ්ඩෙ හදාගෙන පහලට ආවා. බෝ පහලට එනවා දැක්ක ග්‍රැනී පුදුම වුනා.

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Dove le storie prendono vita. Scoprilo ora