🌹14 කොටස🌹

665 109 14
                                    

පෙර කොටසින් 👇
උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට සිපගනිමින්, ඒ සිපගැනීම හරි ආසාවෙන් රසවින්දෙ ඔවුන්ගේම ලෝකයේ තනිවෙමින්.🙈

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

පොලිස් අත්අඩංගුවේ පසුවුනු සෝ ලන් සතියකින් පමණ නිදහස් විය. මේ දවස් ඇතුලත සෝ ලන් මෙතෙක් කල් කල වරද වටහා ගෙන තිබුණ නිසා සියලු දේ අත් හැර වෙනත් රටකට ගොස් ජීවත් වීමට තීරණය කරා. සෝ ලන්ගේ දැඩි බලපෑම නිසා තමයි චෙන්ට ඒ විදියට හැසිරෙන්න වෙලා තියෙන්නෙ. මොකද ලන්ට ආදරේ කරේ නැතොත්, චෙන්ගෙ පවුලට බලපෑමක් වෙයි කියන බයට තමයි, චෙන්ට එහෙම කරන්න වුනේ, ශූගෙයි, චෙන්නෙයි ජීවිතේ ඔය අඳුරු දවස් ටික ඉවර වුනාට පස්සෙ, චෙන් ශූව හොයාගෙන ඇවිත් සමාව ගත්තා. ඇත්තටම චෙනුත් එතනදි වැරදි නෑ කියලා තේරුම් ගත්ත ශූ චෙන්ට සමාව දෙන්න දෙපාරක් හිතුවෙ නැ. ඊටපස්සෙ ඒ ආදර කතාවත් හරි ලස්සනට දලුලා වැඩුනෙ, සියලු දෙනාවම සතුටු කරමින්, වෙච්ච හැමදේම අමතක කරලා දෙන්නම තීරණය කරේ කැනඩා ගිහින් marry කරලා. ලස්සන ජීවිතයක් ගොඩනගාගන්න, මේකට දෙන්නගෙ ගෙවල් වලිනුත් ආශිර්වාද ලැබුණා.

ඔය විදියට හැමෝගෙම ආදර කතා තවත් ලස්සන කරමින් ආදරණීය දවස් කිහිපයක් ගෙවී ගිහින්, Wang Importers Company එකේ 70 Anniversary එක දවස් උදා වුනා.

🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊🎊

බීජිං වල තියෙන Grand Hotel එකක Nigth Function තමයි organized කරලා තිබුනෙ. ඉතින් party එකට dress code එක වෙලා තිබුනෙ, black colour එක ඒ වගේම couples වලට තිබුනෙ Red colour එක, පපත් Anniversary party එකට ඉන්න ඕනම නිසා ඒ වෙනුවෙන්ම ආයි චීනෙට ආවා. බනී Hall එක design කරන theam එක විදියට අරන් තිබුනෙ, එයාගෙයි, බෝගෙයි ආසම පාටවල් දෙක වෙන රතුයි,කොලයි පාට දෙක, වැඩි වැඩ නැතුව රතු,කොල මික්ස් වුන ලයිට්ස් වගේම කලුපාට chairs වල බෝ එක විදියට යොදාගෙන තිබ්බෙ රතු,කොල, ඒකටම ගැලපෙන්න table එකත් ලස්සනට design කරලා තිබුනා. මේ විදියට රතු, කොල මික්ස් වෙලා තිබුන නිසා නැවුම් බවක් වගේම හිත ඇඳ බැඳ ගන්න ලස්සනක් තිබුනා. Party එකට යන්න ලස්සනට ලෑස්තිවෙච්ච බෝයි,පපයි,ග්‍රැනී එක්ක Hotel එකට ආවා. ඒ වෙද්දිත් staffs වල හැමෝමත්, top board manager ලා හැමෝමත් ඇවිල්ලා හිටියෙ. බනී,ශු,චෙන්,හුවයි ඔය හතර දෙනා හිටියෙ එයාලටම වෙන් වුන table එකක. ඔය අතරෙ බෝයි,පපයි,ග්‍රැනී එද්දි හැමෝගෙම ඇස් ගියේ ඒ දිහාට, ඒ මොහොතෙම බනී බෝගෙන් දැක්කෙ වෙනදට වඩා ලුක් එකක්, බෝ දිහා බලාගෙනම බනී හිතුවෙ,
" මෙයා එන්න එන්න Handsome වෙනවද මන්දා.... කමන්නෑ ඉතින් මගේනෙ.... චිකි චිකි" හරි ආඩම්බරෙන් වගේම සතුටින් එහෙම හිතුවා. බෝයි පපයි දෙන්නා එකතුවෙලා ඇවිල්ලා හිටිය අමුත්තො පිලි අරගත්තා, ඊටපස්සෙ floor එකට නැඟපු බෝ ඇවිල්ලා ඉන්න හැමෝටම ස්තූති කරලා, Company එකේ ඉදිරි කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනගමන් Shampain bottel එකක් open කරලා, party එක start කරා. ටික වෙලාවක් යද්දි එකපාරට මුලු Hall එකම අඳුරුවෙලා, dancing floor එකේ විතරක් ආලෝකය දිස් වුනා. පොඩි පිරිමි ළමයි කිහිපදෙනෙක් ලස්සන dance එකක්  perform කරා. මේකනන් බෝට පුදුමයක්, මොකද බෝ ආසම dancing style එකක් වෙන Swalla dance එකක් තමයි ඒ ළමයි perform කරේ. මේක බනී බෝට කරන suprise එකක්, බනිලගෙ ඇකඩමි එකේ ළමයි ටිකක් join කරගෙන තමයි ඔය dance එක හැඳුවෙ ඒකට බනීට උදව් කරේ dancing sir. මේ dance එක යන අතරෙ බනී ටිකක් එහා ඉඳන් බලාගෙන හිටියෙ බෝගෙ reaction, බෝ සතුටුවෙනවා දැක්කහම බනීටත් හරි සතුටුයි ඉතින්, බනීටත් ඕන බෝ හැමදාම සතුටින් ඉන්නවා දකින්න. ඔය අතරෙ බෝගෙ ඇසුත් හෙව්වෙ බනීව බෝ බනී දිහා බැලුවට පස්සෙ බනී එයාගෙ බනී හිනාව දාලා suprise කියලා කට හෙල්ලුවා. බෝට ඉතින් එවලෙම බනීව උස්සන් යන්න හිතෙන්නැති නේත....😍

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now