🌹16 කොටස🌹

1.1K 113 57
                                    

පෙර කොටසින් 👇
නැන්දවත් බලලා දෙන්නත් එක්ක ආවෙ පොඩ්ඩක් නිදහසේ ඇවිදින්න.

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

සරත් කාලෙ නිසා මේපල් ගස් හැමතැනම දිස් වුනේ හරි අපූරුවට 🍁 බලන බලන තැන තැබිලි පාටයි, පාර දෙපැත්තෙ හැමතැනම මේපල් කොල වැටිලා තිබුනා. දෙන්නත් එක්ක මේපල් යායයක් මැද්දෙ අත් අල්ලගෙන කතා කර කර ගියේ හරි ආදරෙන්,

🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

🦁: බනී මැණික
🐰: ඕ කියන්න මැණික
🦁: තව ටික දවසයි නේද අපිට අපේ වෙන්න තියෙන්නෙ, ඒත් අපි තාම wedding එක plan කරේ නෑනෙ,
එහෙම කියලා බෝ බැලුවෙ බනීගෙ ඇස් දිහා, බනී බෝ දිහා බලලා ලස්සනට හිනා වුනා. ඒත් එක්කම දෙන්නා ලඟ තිබුන බෙන්ච් එකක වාඩි වුනා. බෝගෙ අත අස්සෙන් අත දාලා, තවත් ටිකක් තුරුල් වුනා. (මවා ගන්න හොඳේ දැන් දෙන්නා වාඩි වෙලා ඉන්නෙ ලස්සන මේපල් යායක් මැද 🍁🙈)
🐰: මමනම් ආස පැටියො, මේ විදියට කරන්න, ඔයත් කැමති වෙයි ඒකට,
එතකොට බෝ බනීගෙන් ඈත් වෙලා ඒ පැත්තට හැරිලා ආසාවෙන් හිනාවෙලා ඇහුවෙ,
🦁: මොකද්ද කියන්නකො,
🐰: මෙහෙමයි හරිද.... අපි Church ⛪ එකේ පොඩියට wedding එක ගමු, wedding එක ගන්න සල්ලි අපි ළමා නිවාසෙකට ආධාරයක් විදියට දෙමු.
🦁: අනේ මගෙ මැණික, ඔව් පැටියො එහෙම කරමු, කොහොමත් ඉතාලි ගියාම අපිට invite කරන්නත් ගොඩක් කට්ටිය නෑනෙ ඒ නිසා simple විදියට කරමු.
එහෙම කියලා බෝ බනිගෙ නලලෙ කෙටි හාදුවක් තැවරුවා. ඒත් එක්කම මේපල් කොල වැස්සක් වගේ කඩන් වැටුනේ මේ දෙන්නට කරන ආශිර්වාදයක් වගේ.... හවස් වෙනකන් නිදහසේ ඒ දෙන්නගෙ ලෝකෙ ගැන හීන මව මව නිදහසේ කතා කර කර ඉඳලා එතනින් එන්න පිටත් වුනා.

❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄❄

දෙන්නා එක්ක ආවෙ snow riding තියෙන තැනකට, ඇතුලට ඇවිල්ලා riding kit ඇඳගත්තා. ඒ kit එකටනන් බනී හා පැටියෙක් වගේම තමයි. හරිම හුරතල්, බෝ බනීව දිහා බලන් ඉඳලා කිව්වෙ,

🦁: හරි හුරතල් හිම මලක් වගේ,❄
🐰: ඔයා හිම බෝලයක් වගේ,☃️
එහෙම කියලා බනී බෝගෙ කම්මුලක් තොල්වලින් හැපුවා🙈 බෝගෙ ඇස් ලොකු වුනේ ඉබේම, බෝට ලැජ්ජයි ඉතින්
🦁: ඒ.... බනී පිස්සුද, මිනිස්සු ඉන්නවා,
🐰: ඉතින් මට මොකෝ,
එහෙම කියලා හිනාවෙලා බෝ දිහා යටින් බැලුවා. එතකොටම බෝත් දඟකාර විදියට හිනාවෙන ගමන් බනීගෙ පැත්තට බර වුනා. ඒ එක්කම බනී බිම බලාගෙන එතනින් මාරු වුනා. බෝව අවුස්සලා තියලා😂

💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin