🌹13 කොටස 🌹

635 124 14
                                    

පෙර කොටසින් 👇
ඒ වෙන කවුරුත් නෙමෙයි මෙයාලා ඉස්සර ඉඳන් දන්න සෝ ලන්, මෙයා බීජිං වල තියෙන 7 star 🌟 Hotel එකක් වෙන Pangu Hotel එකේ owner 👔

🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂🍂

නිවාඩු දවසක් වුන එදා ශූ ගෙදරට වෙලා තනියෙම කල්පනා කර කර ඉඳලා කරේ, මේ ගැන කතා කරලා දෙකෙන් එකක් විසඳගන්න කියලා හිතලා චෙන්ට call එකක් ගත්ත එක, ඒත් චෙන් call එක cut කරලා දාලා නිකන් හිටියා. ශූට මේක දරාගන්න බැරිවුනේ මෙච්චර දවසක් මේ ප්‍රශ්නෙ හිතේ හංගගෙන හිතින් විඳව විඳව හිටපු නිසා, මේ දේ වෙනකොට රෑ 7.00 ට විතර ඇති. කොහොම හරි කරලා ශූ හොයා ගත්තෙ මේ වෙලාවෙ චෙනුයි, සෝ ලනුයි ඉන්න තැන. මේ දෙන්නව හොයාගෙන තරහින් වාහනෙත් අරන් පිටත් වුනා. ඒ වෙලාවෙ චෙනුයි,සෝ ලනුයි හිටියෙ Propaganda කියන Night club එකේ, මේක තිබුණෙ බීජිං වලම හෙයිඩියන්, හුවාකිංජියුවාන් කියන පැත්තෙ, පැය හතක පමණ කාලයක් යාමට ගතවුවත් ශූ වේගෙන් ආපු නිසා පැය පහකින් එන්න පුලුවන් වුනා. මුලින්ම ඇතුලට ගිහින් කරේ හිතේ දුකටයි,තරහටයි බීපු එක, දැන් ශූට හොඳටම වෙරි, ඔය අතරෙ තමයි අර දෙන්නව දැක්කෙ, හිතට ආපු ක්ෂණික කේන්තිය නිසා ගිහිපු ගමන් කරේ සෝ ලන්ට එකපාරින් බිම වැටෙන්න කනේ පාරක් ගහපු එක, පෙරලා නැගිටපු සෝ ලනුත් කරේ ශූට පාරක් ගහපු එක, එතන හිටපු හැමෝවම පුදුම කරමින්, ලොකු ගුටිකෙලියක් ගියේ ශූව තව තවත් වියරු වැටෙද්දී, ඔය අතරෙ ශූ ගෙදරින් එන්න පිටත් වෙන වෙලාවෙ හුවයි call කරත් answer නොකරපු නිසා නිකමට ශූ කොහෙද කියලා බලන්න location check කරද්දි තමයි දැක්කෙ ශූ හෙයිඩියන් යනවා. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් වෙන්නැති කියලා සැක හිතුන නිසා බෝයි,හුවයිත් දෙන්නත් එක්ක හෙයිඩියන් වලට එන්න පිටත් වුනා. ශූටයි,ලන්ටයි දැන් තුවාලය. ශූ සෝ ලන්ගෙ කොලර් එකෙන් අල්ලන ගමන් වියරු වැටුණු ස්වරයෙන්,

🙍: පාහරයෝ..... තෝ ඇයි මෙහෙම දෙයක් මට කරේ.... මගෙ වටින දෙයක් මේ විදියට උදුර ගන්න තරන් උබට මං කරපු වරද මොකද්ද, දැන දැනත් ඇයි මෙහෙම දෙයක් කරේ ආ.........🤬
ලන්, ශූ දිහා සමච්චල් සහගත විදියට බලලා, හිනාවෙන ගමන්, කටින් එන ලේ අතින් පිහිදලා,
👨‍💼: මං වැරදි කියලද උබ කියන්නෙ, අහලා බලපන් එයාගෙන්ම,
ඔය වෙලාවෙම තමයි කලබලෙන් ශුව හොයාගෙන බෝයි,හුවයිත් එතන්ට ආවෙ, ඒ එක්කම චෙන් පැත්තට අසරණ විදියට හැරුණු ශූ කිව්වෙ, මේ වෙලාවෙ චෙන් හිටියෙ බිම බලාගෙනමයි චෙන්ට බැ ශුට මූණ දෙන්න,
🙍: මේ කියන කතාව ඇත්තක්ද එතකොට,එතකොට ඔයා මට කවදාවත් ආදරේ කරේ නැද්ද, අර ඉස්සර බොරුද කරේ..... ඇයි එතකොට එහෙම කරේ.... මගෙ ආදරේ සෙල්ලමකට ගත්තෙ ඇයි, මගෙ හැඟීම් විහිලවකට ගත්තෙ ඇයි, මට බලාපොරොත්තු දුන්නෙ ඇයි,
එහෙම කියන ගමන් හැඬුම් තද කරන් හිටපු ශූට ඇඬෙන්න ගත්තෙ තමන්ගෙ මුලු ජීවිතේම දැන් ඉවරයි කියලා දැනෙද්දි, ටිකකින් හැඬුම පාලනය කරගත්ත ශූ චෙන්ගෙන් ඇහුවෙ,
🙍: හරි හරි.... මට මේ ටික කියන්නකො ඔයා මට එක දවසක්වත් ආදරේ කරේ නැද්ද, මට ඒකට උත්තර දෙන්න, ඒ ඔයා දෙන උත්තරෙත් එක්ක මං තීරණයක් ගන්නම්,
බෝයි, හුවයි දෙන්නත් බලාගෙන හිටියෙ එන ඕනම දේකට මූණ දෙන්න හිතාගෙන, තත්පර කිහිපයක නිහැඬියාවකින් පස්සෙ චෙන් හඬ අවදි කරා.
🧑‍🦰: මට සමාවෙන්න ශූ ඔයාට මෙහෙම කියන්න වුනාට.... මං කවදාවත් ඔයාට ආදරේ කරේ නෑ.... මං ආදරේ කරේ සෝ ලන්ට,
ශූට ඉතින් ඒ වචන ටික දැනුනෙ අකුණක් ගැහුවා වගේ, ඒත් එක්කම අනිත් පැත්තට හැරුණු ශූ බෝවත් තල්ලුකරගෙන ගිහින් වාහනේට නැඟලා වාහනේ හයියෙන් රේස් කරලා යන්න ගියා. බෝයි,හුවයි ශූගෙ පස්සෙන් දුවන් ඇවිල්ලා නතර කරගන්න හැදුවත් ඒක සාර්ථක වුනේ නෑ, ඒ පස්සෙන්ම බෝයි,හුවයි දෙන්නත් ගියා. ඒත් මේ දෙන්නට ශූ යන විදියට බයේ බෑ කිසිම වගකීමක් නැති විදියට ශූ වාහනේ drive කරේ, අන්තිමට ශූ ගිහින් නතර වුනේ පාලු පාරකට ගිහින් බැවුමක් ලඟට වාහනේ ඔන්න තියලා නතර කරේ, ඒ කරලා ඉක්මනට වාහනෙන් බැහැලා බෑවුමේ ගැට්ටටම ගියා, බෝට car එක නවත්තන්න වුනෙත් නෑ slow කරනවත් එක්කම දොර ඇරගෙන එලියට පැනපු හුවයි දුවලා ගිහින් ශූව අල්ලලා පස්සට ඇඳලා ගත්තා. මේ වෙද්දි බෝට හොඳටම තරහා ගිහින් තිබුණෙ ශූ කරන්න හදපු මෝඩ වැඩේ නිසා. බෝ ශූ ලඟට ගිහිපු ගමන් කරේ බැනගෙ බැනගෙ ගිහිපු එක,
🦁: උබ හිතන්නෙ මැරුණම සේරම ප්‍රශ්න විසඳෙනවා කියලද, උබගෙ ජීවිතේට මොනවා හරි වුනොත් උබේ අම්මා,තාත්තා, අපි කොහොමද යකෝ ඒ දුක දරා ගන්නෙ, උබට ආදරේ නැති එවුන් ගැන නෙමෙයි, ආදරේ කරන එවුන් ගැන හිතපන්,
බෝ තරහට එහෙම කිව්වත්, එයාගෙ පොඩිකාලෙ ඉඳලම යාලුවා නිසා බෝට ගොඩක් දුකයි, ශූ මෙහෙම ඉන්නවා දැක්කම,බෝටත් මේ යාලුවා මෙහෙම දුක් විදිනවා බලන් ඉන්න බැරි වුනා. ශූ එකපාරටම කරේ බෝව බඳාගෙන මහ හයියෙන් අඬපු එක,
🙍: අනේ.... මං මොකද බන් දැන් කරන්නෙ, මං කොහොමද එයා නැතුව ජීවත් වෙන්නෙ, මට එයා නැති ජීවිතයක් නෑ බන්,
ඔය විදියට ශූගෙ හිතේ තියෙන දුක තුනී වෙන්න ඕන නිසා ශූට ඇති තරන් අඬන්න දීලා මේ දෙන්නා බලාගෙන හිටියෙ ගොඩක් දුකින්, පස්සෙ ශූව එක්කන් ඇවිත් වාහනේට දාලා කල්පනා කරේ.... මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්නෙ කොහොමද කියලා. ඔය අතරෙ club එකට පොලීසියෙන් ඇවිල්ලා සෝ ලන්ව ඇරෙස්ට් කරේ club එක ඇතුලෙ රණ්ඩු වුන එකට, club එකෙන් කරපු complain එකක් නිසා. ඔහොම ඉඳලා ඉඳලා ගොඩක් රෑ වුනාට පස්සෙ බෝයි,හුවයි දෙන්නත් එක්ක වාහන දෙකේ ඇවිල්ලා ශූවයි,වාහනෙයි ගෙදරට බාර දීලා දෙන්නත් එක්ක ගෙදර ගියා. ශූගෙ මේ ප්‍රශ්නෙ ගැන එයාගෙ ගෙදරිනුත් ඉස්සර ඉඳලම දන්නවා. ඒ අම්මයි, තාත්තයිත් තමන්ගෙ පුතා ගැන හිටියෙ කනගාටුවෙන්,

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

ඊට පහුවදා බෝ office ගිහින් ඉද්දි උදේම බනී ලැප් එකත් උස්සගෙන ඇවිත් එයා Hall එක decorate කරන්න හිතපු විදිය ගැන බෝට පෙන්නන්න ගත්තා. බෝට ඒවා බලන්න මානසිකත්වයක් නැති වුනත්, බනීව දැක්කහම බෝව නිකම්ම නිවිලා යනවනෙ, බෝත් ඉතින් හරි ආසාවෙන් බනීගෙ idea එක ගැන අහන් ඉන්න ලෑස්ති වුනා. ඒ අතරෙ බෝ ඉතින් නැටුවෙ වෙනම පිස්සුවක්😆 මේසෙ ලඟට පුටුවකුත් අරගෙන වාඩිවෙලා ලැප් එක දිහා බලාගෙන, ඇසුත් ලොකු කර කර, හිනාවෙවී කියවන බනී දිහා බෝ බලාගෙන හිටියෙ හිත පිස්සු වැටෙද්දි, බනී කියපු හැමදේකටම බනී දිහාම බලාගෙන නිකටට අතකුත් තියාගෙන හම්... හම් කියපු එක විතරයි බෝ කරේ. ඒත් ඉතින් බෝට ඔය කියන කිසි දෙයක් ඔලුවට ගියේ නෑ.... හිකි හිකි 🙈 නොදැනීම බනීගෙ ලෝකෙ අතරමං වෙලා හිටපු බෝ ටිකෙන් ටික බනීගෙ මූණ ලඟට ලං වුනා. බනීට ඉතින් සිහියක් නෑ තොර තෝංචියක් නැතුව කියෝනවා. හරිම කියුට්, පැලෙන්න ආදරේ හිතෙනවා බෝට, දැන් බෝ බනීට හොඳටම ලංවෙලා දෙන්නට දෙන්නා ගෑවී නොගෑවී තමයි දැන් ඉන්නෙ, බෝගෙ සුසුම් නිසා අමුතු කිතියක් දැනිච්ච බනී, එකපාරට ඔලුව ඉස්සුවා. ඒත් එක්කම  වුනේ දෙන්නගෙ තොල් එකිනෙකට ගැටුන එක, එකපාරටම වුන දේ නිසා බනී මුලින් ගැස්සුනත්, ඒ වෙද්දිත් බෝ බනීගෙ රෝස තොල් තමන් සතු කරගෙන ඉවරයි. සිපගැන්මත් සමඟම බෝ කරේ බනීව පුටුව එක්කම තමන් ලඟට ඇඳලා ගත්තා. ඊටපස්සෙ දෙන්නට දෙන්නා එකතුවෙමින්, උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට සිපගනිමින්, ඒ සිපගැනීම හරි ආසාවෙන් රසවින්දෙ ඔවුන්ගේම ලෝකයේ තනිවෙමින්.🙈

🍁 මතු සම්බන්ධයි 🍁

මොකද හිතෙන්නෙ බබාලා🤔Vote කරලා අදහස් කියාගෙන යන්න හොඳේ ...🤭😍

🚫මෙය හුදෙක් මගෙ සිතෙහි නිර්මාණය වූ රසවින්දනය සඳහා ලියන ලද කතාවක් පමණි. සැබෑ චරිත හා මෙහි එන චරිත අතර කිසිඳු සම්බන්ධයක් නොමැත.

                                                                                                                             2021.09.23                                                       ✍Erandi


💚❤සිත ඔබටමයි💚❤  [ Yizhan ff Completed ]Where stories live. Discover now