10 🥀✨

2.4K 448 66
                                    

After one day:

🐹: ඔන්න ඕක තමයි ප්ලෑන් එක...

ජින් හුස්මක් පිටකරලා සෝෆා එකට හේත්තු වුනෙ ප්ලෑන් එක අහපු ගමන් කෙල්ලො දෙන්නගෙ කටත් එක්ක ඇරෙද්දි.

🐥: වාහ්... ජින් හොයොං ඒකනම් මරු අහ් .. ඒයි මොකද ඔයාලා දෙන්නා ඔය...

🌸: මට බෑ කුකීව ඒකට යවන්න.. මොනා හරි මිස් වුනොත් එයාලා කුකීව මරයි..

සූහි හිටියෙ හොඳටම බය වෙලා... තමන් මොනාද කරන්නෙ මොනාද කියන්නෙ කියලවත් කෙල්ලට ගානක් වුනෙ නෑ. හිතට දැනෙන බය කෙල්ල වචනවලට පෙරලුවත් කොල්ලො ටික සූහි දිහා බලන් හිටියෙ හිනාවෙවී.. විශේෂයෙන් ජංගුක්. කොල්ලා හිතින් ගොඩක් සතුටු වුනා.. ආදරය නොකරත් සූහි තමන් ගැන වද වෙන නිසා .

🐱: ඔතන ලොකුම වැඩෙ කරන්නෙ තමුසෙනෙ. කුකියෙක් ගැන කියවන්නැතුව හෙට වැඩේට ලෑස්තිවෙනවා.

🌸: චික් මේ පූස් තඩියා....

.
.
.
.
.
.
.
.
.
තත්පර , මිනිත්තු , පැය ගනන් ගෙවිලා යන වාරයක් පාසා සූහිගෙ හිත කලබල වුනා. කොල්ලො ටිකට මේ දේ අලුත් දෙයක් නොව්නත් සූහි කුකී ගැන මෙච්චර බය වෙන්න හේතුව කෙල්ලවත් දන්නෙ නෑ..
කාලය ගෙව්නෙ හරි ඉක්මනට .. සූහි දහස් වාරයක් උදා වෙන්නෙපා කියලා ප්‍රාර්තනා කරපු ඒ දවස උදා වුනා...කෙල්ල උදේ ඉදන් තමන්ගෙ හිත හයිය කරගත්තෙ අද තමන්ට කරන වැඩේ ටිකක් හරි ගැස්සුනොත් ඒකෙන් තමන්ගෙ වගේම අනිත් හැමෝගෙමත් ජීවිත එතනින් කෙලවර වෙන නිසා..

___________________________________
_________

ලෝරා.. අර්ධ ජර්මන් අර්ධ කොරියානු අවුරුදු 22ක තරුනියක්. . එයා බෝරා බෝරාවලට එන්නෙ බ්‍රයන්ගෙ නමින් බ්‍රයන්ට අවශ්‍ය දියමන්ති ටික ගන්න.. බ්‍රයන්ගෙ වර්තමාන පෙම්වතිය වන ලෝරා මේ ගමන එන්නෙ බ්‍රයන්ගෙම එක විශ්වාසවන්ත ගාඩ් කෙනෙක් එක්ක. වැඩිය ගාඩ්ලා නැතුව තනියම කෙල්ලව එවන්න බ්‍රයන් තීරණය කරන්නෙ මීටකලින් ඕනවටත් වඩා බ්‍රයන්ගෙ වැඩ කෙල්ල කිසිම භාදාවකින් තොරව කරගෙන ගිය නිසා... ඒ වගේම මේ ලෝකෙට රහසක් වුන චෝයි ශීරා හෙවත් බ්‍රයන්ගෙ නංගිගෙ හොඳම යෙහෙලිය ලෝරා වුන නිසා හැමෝටම තිබුනෙ ලෝරා ගැන නොබිඳෙන විශ්වාසක්..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now