12 🥀✨

2.3K 450 35
                                    

Jk pov:

ඇඟේ ලේත් පෙරාගෙන මම උඩ තට්ටුවට කිසිම බයක් සැකක් නැතුව ගියෙ මෙ වෙලාවෙ හැමෝම නිදි නිසා.. ඇඟ අර ගෑනිගෙ ලේවලින් නෑවිලා. මට දැනෙන්නෙ පුදුම පිලිකුලක්..

සූහි..!!!

රූම් එකට ඇතුල්වෙනවත් එක්කම මම දැක්කෙ සූහිව. එයා මීශාව නිදි කරවනවා. කවදාවත් නැතුව ඇයි මගෙ රූම් එකට ආවෙ!!! ඇයි අදම ආවෙ!!!

එයා බය වෙලා වගෙ මගෙ දිහා බලන් ඉන්නවා. මම මොනා කියන්නද .. අරකිව මස් කරලා ආවෙ කියන්නද. කියන්න ඕන්නෑ එයාට ඒක දැක්ක ගමන් තේරෙන්න ඇති. ඒ ඇස්වලින්ම මට පේනවා. එයා හුඟක් බය වෙලා..

🐰: ස්.. සූහි..

මම කතා කළා.. මගෙ වචන ගොත ගැහෙන්නෙ ඇයි කියන්න මම දන්නෑ... එයා එක බාරම බය වෙලා තිබ්බ මූන වෙනස් කරගෙන සාමාන්‍ය විදියට මගෙ දිහා බැලුවා..

💖: යන්න කුකී වොශ් කරගන්න. මීශා නින්දෙන් ඔයාව ඕනි කියලා කෑ ගැහුවා. ඒකයි මම එක්කන් ආවෙ. ඉක්මනට වොශ් එකක් දාගෙන එන්න පුලුවන්ද. මට ටිකක් කතා කරන්න ඕනි..

එයා ඔහේ කියලා දැම්මා. දැන් එයාගෙ කලින් තිබ්බ බය ගෑවිලාවත් නෑ. මම තවත් මොනා කියන්නද. මම හා කියන්න වගෙ ඔලුව වනලා ඇදුමකුත් අරගෙන වොශෲම් එකට ගියා...

___________

සීතල වතුර බිංදු එකින් එක මගෙ ඇඟෙන් පහළට යද්දි මට දැනෙන්නෙ පුදුමාකාර සනීපයක්. මේ සනීපය හිතටත් දැනුනනම්. ලෝරාගෙ විලාපය මගෙ හිත අස්සෙ තවමත් දෝංකාර දෙනවා. ඒ ගෑනිගෙ ලේ මගෙ ඇඟෙන් හේදිලා ගියා හරි ඉක්මනට .. ඒ වගෙ මගෙ හිතෙත් තියෙන දෙගිඩියාව අයින් වෙලා යනවනම්....

බාතෲම් එකේම චේන්ජ් කරගෙන මම ඇවිත් ඇඳෙන් ඉදගත්තා. සූහි තාමත් මීශාව නිදි කරවනවා.

🐰: සූහි ..

💖: අහ් ආවද... කුකී මට කියන්න දෙයක් තියෙනවා..

🐰: ම්වො?

💖: කුකී මට කොලේජ් එකට යන්න ඕනි. දැන් දවස් ගානකින් ගියෙ නෑනෙ.. මම යන්නම්කො..

මම හිතුවෙ මට හොඳටම බනී කියලා නැත්තන් ගහයි කියලා. මීශා ඉද්දි ලේ පෙරාගෙන ආපු එකට. ඒත් එයා ඒ ගැන කිසි දෙයක් කතා කලෙ නෑ. කොලේජ් යන්න ඕනි කියලා පොඩි දරුවෙක් වගෙ කටත් උල් කර කර මගෙ අතින් ඇද ඇද කිව්වා මිසක්..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now