13 ✨🥀

2.3K 431 137
                                    

දින සති මාස ගනන් ගෙවිලා ගියෙ හරි ඉක්මනට . මාස හයක්ම ගිහින්. ඒත් කිසි දෙයක් වෙනස් වුනෙ නෑ. අදටත් බ්‍රයන්ගෙ නංගි මේ ලෝකෙට අභිරහසක්.. බ්‍රයන් එක පාරම තමන්ගෙ ඔක්කොම වැඩ ඉවර කරපු එක ගැන bangtan හිටියෙ ගොඩක් පුදුමෙන්.. ඒ වගේම ජංගුක් තමන්ගෙ jeon group එක කොරියාවෙ හොඳම ව්‍යාපාර සමූහයන් අතර පලවෙනි තැනට ගේන්න සමත් වුනා...

මීශා තමන්ගෙ ඔම්මා ඒ කියන්නෙ සූහිට මේ මාස 6 ඇතුලත ගොඩක් ළං වුනෙ හරි පුදුම විදියට. ඒ වගේම සූහිකුක් ආදරය හරි ලස්සනට ගලාගෙන ගියෙ කුනාටුවකට කලින් මුහුද හරි සන්සුන් කියනවා වගෙ...

අද හැමෝටම විශේශ දවසක් වැඩියෙන්ම සූහිට.. සූහිගෙ උපන්දිනය අද.. ඒ නිසා හවස් වරුවෙ ඉදන් හැමෝම හිටියෙ සූහිගෙ උපන්දින පාටිය ලෑස්ති කරන ගමන්. ඒත් එතන එක්කෙනෙක් අඩුයි.. නම්ජූන්. .. වෙනදට හැම වැඩකම පෙරමුණ අරන් ඉන්න කෙනා අද නැති එක හැමෝගෙම හිත්වලට වද දුන්නා...

වෙලාව ගියෙ හරි ඉක්මනට ... තමන්ගෙ 22වෙනි උපන්දිනය එනකන් සූහි හිටියෙ ඇඟිලි ගැන ගැන.. කෙල්ල හිතින් හුඟක් සතුටු වුනා. ජංගුක් වගේම මීශා එයාගෙ ජීවිතේට ආපු එක ගැන.. ඒත් කෙල්ලගෙ හිත සමහර වෙලාවට රිදුනෙ තමන්ගෙ දෙමව්පියො ගැන මතක් වෙලා. කෙල්ලට දැනුනෙ මේ මාස 6 ඇතුලත එයා තමන්ගෙ දෙමව්පියොන්ගෙන් ගොඩක් ඈත් වුනා කියලා..










After 1 hour..

 සූහි යේරි දුන්න ගව්මක් ඇදගෙන පහලට ආවෙ තමන්ගෙ උපන්දිනය තමන්ට ලැබුන අලුත් පවුල එක්ක සතුටින් සමරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සූහි යේරි දුන්න ගව්මක් ඇදගෙන පහලට ආවෙ තමන්ගෙ උපන්දිනය තමන්ට ලැබුන අලුත් පවුල එක්ක සතුටින් සමරන්න. වෙනදා වගේම රෝස මලක් වගෙ පිරිපුන්ව තියෙන කෙල්ලගෙ මූණ අදත් එහෙම්මමයි. ජංගුක්ගෙ ආදරෙ දවසින් දවස වැඩි වුනෙ කෙල්ලගෙ මූණෙ හැමවෙලේම තියෙන සන්සුන් හිනාව නිසා. ඒ හිනාව කොයිම වෙලාවකවත් අඩු වුනෙ නෑ.. සූහි හැම වෙලේම සතුටු වුනා.. කෙල්ලට දුක් වෙන්න කොහෙන්ද ඉතින් හේතුවක්...

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now