16 ✨🥀

2.2K 425 129
                                    

Namjoon pov..:

දුක කියන වචනෙ හරිහමන් තේරුමක් මෙච්චර දවස් නොවිඳපු මම ඒ දුක හරි හරියට විඳිනවා... අනිත් කොල්ලො ටිකත්...

මගෙ නංගි.. මගෙ පණ ටික ... හරි අසික්කිත විදියට මැරිලා ගියා. වැරැද්දක් නොකරම ඒ අහිංසකී යන්න ගියා.. මගෙ සතුට නැත්තටම නැති කරලා. මගෙ හැම බලාපොරොත්තුවක්ම නැති කරලා..

ඉතින් මම තනි වුනා..

එයා ගියා .....

හොඳ කරන්න බැරි ලොකු තුවාලයක් මගෙ හදවතෙ සදහටම ඉතිරි කරලා...

මගෙ හ්‍යොං.. යුංගි හ්‍යොං... මගෙ ඉවසීම නැති නිසා එදා මගෙ අත ඉස්සුනත් " නම්ජුනා යමං අපි නංගිව එක්කන් එමු" කියලා මාවත් ඇදන් ආවෙ ඔය හිතෙ මට තියෙන ආදරේ නිසා නේද.. ඒ ආදරේ නිසාම නේද අද තමන්ගෙම හොස්පිටල් එකෙ ඇඳක් උඩ ජීවිතෙ ඉල්ල ඉල්ල මැශින් එක්ක අමාරුවෙන් හුස්ම ගන්නෙ..

ඇයි....

ඇයි මටම මෙහෙම වෙන්නෙ...

කියාගන්න බැරි දුකක් එක්ක මම හූල්ල හූල්ල ජීවත් වෙනවා. යුංගි හ්‍යොං ඉක්මනට නැගිටින්න.. ඔයා නැගිට්ටම මට පුලුවන් ශීරාව මගෙ අත් දෙකෙන්ම නැත්තටම නැති කරන්න..

Flashback ...

බ්‍රයන් ගාඩ් කෙනෙක්ට කියනවත් එක්කම ගාඩ්ගෙ ඉනෙ තිබුන ගන් එක අරන් ඒ මනුස්සයට එක පාරම වෙඩි තියන්න ගියෙ තත්පරයක් වගෙ අඩු කාලයක්...

ඒ මනුස්සයා ලේ විලක් මැද එතනම වැටෙද්දි බ්‍රයන් කලෙ හයියෙන් හිනා වුන එක..

" යුංගි හ්‍යොං....."

ඇස් වල කදුලු පුරවන් නම්ජුන් තමන්ගෙ නංගිවත් උස්සගෙන එතනින් යන්න හදද්දි යුංගි ලේ පෙරාගෙන වැටුනෙ නම්ජූන් ඉස්සරදිමයි..

තමන්ගෙ හතුරගෙ ගෙදරදි මෙහෙම අසරණකමක්...

කොහොමනම් ඉවසන්නද නම්ජූන්. හැමදේම තමන් ඉස්සරහා හිතා ගන්නවත් වෙලාවක් නොදී කඩාගෙන වැටෙද්දි. ඇස්වලින් කඳුලු බිංදු ඔහේ ගලද්දි.. Mansion එකෙ හැම තැනකම හඬ පැතිරෙන්න තරම් නම්ජූන් විලාප තියද්දි..

අවාසනාවක මහත...

තමන්ගෙම නංගි මලකඳක්...

තමන්ගෙ යුංගි හ්‍යොං වෙඩි කාලා..

𝐅𝐀𝐋𝐋𝐈𝐍𝐆 𝐅𝐎𝐑 𝐓𝐇𝐄 𝐁𝐀𝐃 𝐁𝐎𝐘 | 𝐉𝐉𝐊 𝐅𝐅 - 𝐜𝐨𝐦𝐩𝐥𝐞𝐭𝐞Where stories live. Discover now