🍀 New Beginning 🍀

390 107 239
                                    

❗This is an AU. In no way shape or form are any of the characters a reflection on BTS' real personalities/mannerisms/orientations. The characters are entirely a work of fiction. ❗

🍀 Lovely Stay 🍀

# 8th Phase #

Taehyung POV.......

මම ජිආට ඩිවෝස් වෙන්න ඕනි කියලා දවස් කිහිපයක් ගත වෙලත් මගෙ වටා සිදුවෙච්ච හැමදේම කිසිම වෙනසක් උනේ නැහැ. ඒවා තිබුණු විදියමයි. අප්පා වෙනදා වගේමයි.. ජිආගෙ ඔම්මා අප්පාත් හිටියා වගේමයි. කොටින්ම ජිආත් හිටියා වගේමයි.එයාගෙ කිසිම වෙනසක් පේන්න තිබුණෙත් නැහැ. මට හිතෙන විදියට ජිආ තාම කාටවත් මේ ගැන කියලා නැහැ. එහෙම උනානම් මෙලහකටත් මගෙ ජීවිතේ මේ ගතකරන දින කීපය කුණාටුවක් වගේ වෙන්න ඉඩ තිබුණා.

ඒ මොනවා උනත් මම තව දුරටත් ඒ ගැන වදවෙන්න ගියේ නැහැ. මොකද ඊට වඩා වදවෙන්න දෙයක්, වද වෙන්න කෙනෙක් මගෙ ජීවිතේට ඇවිත් හිටියා. මේ මාසය ඇතුළත ජිආ කැමති විදියට අපේ ඩිවෝස් එක ගැන එයාගෙ අයට කියපුදෙන් කියලා මම හිතුවෙ. ඒ වගේම මම අපේ අප්පාටත් මේ ගැන කියන්න විදියක් ඉක්මණටම  හොයාගන්න ඕනි..

මම මේ දේවල් ගැන කල්පනා කර කරම මගේ රූම් එකට යාබදව තියෙන dressing room එකට ගියා. මම හෙව්වෙ මට ඉස්සරහට අඳින්න පුළුවන් වැඩිය ගණන් නැති ලාබ ඇඳුම් මොනවද තියෙන්නේ බලන්න.  කියන්න සතුටුයි මට එහෙම කිසිම ඇඳුමක් නැහැ.  GUCCI  branded ඇඳුම් වලින් පිරිලා තියෙන මගෙ dressings room එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳපු මම එවෙලෙම සෙජින් හ්යොන්ග්ට කෝල් එකක් ගත්තා..

  GUCCI  branded ඇඳුම් වලින් පිරිලා තියෙන මගෙ dressings room එක දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳපු මම එවෙලෙම සෙජින් හ්යොන්ග්ට කෝල් එකක් ගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" හ්යොන්ග් අද හවසට මට ෂොපින් කරන්න යන්න ඕනි." එහෙම කියලා කෝල් එක කට් කරපු මම ආපහු සැරයක් හැරිලා මගේ ඇඳුම් ටික දිහා බැලුවා..

" අන්යොන් GUCCI..  ( bye Gucci) හ්යොන්ග් ටික කාලෙකට ඔයාලව අඳින්නෙ නෑ.." එහෙම කියපු මම මගේ හිත වෙනස් වෙන්න කලින් ඉක්මණටම ආපහු මගෙ කාමරේට ආවා.
.
.
.
.
.
.
.

Lovely Stay || KTH || AUWhere stories live. Discover now