🍀 Buried Past 🍀

801 155 216
                                    

🍀 Lovely Stay 🍀

# 2nd Phase #

Taehyung POV.......

හ්යොන්ග්  එනකම් මම කාර් එකට හේත්තු වෙලා දම්පාටට හැරිච්ච අහස දිහා බලාගෙන හිටියා.. මුළු පරිසරයම දම්පාටින් නෑවිලා තියෙද්දි පුදුම ලස්සනයි... මගේ හිතත් මේ වෙලාවෙ අමුතුම සැහැල්ලුවකින් පිරිලා තිබුණා..

 මගේ හිතත් මේ වෙලාවෙ අමුතුම සැහැල්ලුවකින් පිරිලා තිබුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මීට ටිකකට කලින් මම මෙතනට එද්දි මම ආවෙ පුදුම පීඩනයකින්.. හිතේ ආවේගෙට ජීවිතේ නැති කරගන්න හිතුවත්  මම කරන්න හදපු දේ බරපතලකම මට දැනුයි තේරෙන්නේ.. සමහරවිට සුන්හී ආවෙ නැතිතම් මම මෙලහකටත් අඩි ගානක් වතුර යට ඉන්න තිබුණා... "සු.න්.හී.." නම කියද්දිත් මට ඉබේටම හිනා ගියා " මහ පිස්සු කෙල්ලෙක්.." මම මටම කියාගත්තා..

ඒ වෙලාවෙම වගේ මගේ ඉස්සරහ නවත්තපු ටැක්සි එකෙන් එලියට බැස්ස හ්යොන්ග් කටපුරා මාත් එක්ක හිනා උනත් තප්පර ගණනකින් ඒ හිනාව එයාගෙන් අතුරුදහන් වෙලා ගියා..

" ටේහ්යොන්ගා... නො..? නො..? ක්වෙන්චනා??" ( Are you ok??) හ්යොන්ග් ඇහුවේ අඩියට දෙකට මගේ ලඟට දුවලා එනගමන්. 

" මම හොඳින් හ්යොන්ග්.." මම කිව්වෙ මූණට හිනාවක් ආරූඩ කරගන්න ගමන්..

" යාහ්... ඔයා හොඳින් නම් මොකද මේ ඇඳුමෙ හැටි.. ඇයි මේ අත බැන්ඩේජ් කරලා.. " හ්යොන්ග් එක දිගටම ඇහුවෙ මං ගැන වද වෙන කටහඬකින්..

" ඒක පොඩි ඇක්සිඩන්ට් එකක් හ්යොන්ග්.. මම හොඳින් හොඳටම හොඳින්.. ඉක්මණට යමුද අපි.. මට මහන්සියි දැන්.." මට හිමිහිට කිව්වා..

මගේ දිහා ටිකක් වෙලා බලාගෙන ඉඳපු හ්යොන්ග් ඔලුව වනලා කාර් එකේ පිටිපැත්තෙ දොර ඇරලා මට ඉඳගන්න උදව් කලා.. මම ඉඳගෙන සීට් එකට ඔලුව හේත්තු කරගෙන ඇස් දෙක පියාගත්තා.. ටිකකින් හ්යොන්ග් කාර් එක ඩ්‍රයිව් කරන්න පටන් ගත්තා..

Lovely Stay || KTH || AUWhere stories live. Discover now